සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 126

අපගත

1. වි. ඉවතට ගිය; පහ වූ.
2. වි. මළ; මියගිය.
3. වි. වෙන් වූ; නොඇලුණු.

අපගමනය

1. නා. ඉවතට යෑම; පහ වීම; අතුරුදන් වීම.
2. නා. යම් අගයක් මාධ්‍ය අගයෙන් වෙනස් වන ප්‍රමාණය (=deviation).

අපගමය

නා. පහ වීම; අතුරුදන් වීම; ඉකුත් වීම.

අපගර්භ

වි. නැවත ඉපදීමක් නැති; පුනර්භවය නැති.

අපග්‍රහ

නා.ප්‍ර. දඬුවම; අච්චුව.

අපගාමී

(පාරිභා.) වි. පිටතට යන (=outgoing).

අපගුරුත්වාවර්තනය

(පාරිභා.) නා. පැළෑටියක් ගුරුත්වයට විරුද්ධව උඩු අතට වැඩෙන ගතිය (=apogeotropism).

අපඟ

නා.ප්‍ර. නෙත්කොන.

අපචය

1. නා.ප්‍ර. අඩු වීම; ක්ෂය වීම.
2. (අභි.) නා.ප්‍ර. කෙලෙස් පහ කිරීම; පුනරුත්පත්තිය අවසන් කිරීම; නිර්වාණය.
3. නා.ප්‍ර. භාව චක්‍රයේ පළමු, දෙවන, සිවුවන, හත්වන, අටවන, නවවන හා දොළොස්වන ස්ථාන.

අපචර්යාව

(පාරිභා.) නා. ආගමට හා ඇදහීමට නින්දා කරන පැවැත්ම (=scandal).

අපච්චනීක

වි. ප්‍රත්‍යනීක නොවන; විරුද්ධ නොවන.

අපචායනය

නා. ගරුබුහුමන් කිරීම; ගරු සැලකිලි දැක්වීම; පිදීම.

අපචාරය

නා. අයෝග්‍ය හැසිරීම; නරක පැවැත්ම; වැරදි ක්‍රියාව.

අපචිත

වි. බුහුමන් කරන ලද; පුදන ලද; අභිවාදනය කළ.

අපචිතනය

නා. විසිරීම; විකිරණය; සුනු විසුනු කිරීම; විධ්වංසනය.

අපචේතෘ

නා.ප්‍ර. ආදායමට වඩා වියදම් කරන්නා; අනවශ්‍ය දේ සඳහා වැය කරන්නා; නාස්තිකාරයා.

අපණ්ණක

වි. අවිරුද්ධ; බාධා නොමැති; නිවනට පමුණුවන; නෛර්යාණික.

අපතර්පණය

නා. රෝගයක මුල් අවස්ථාවේ දී ආහාර නොගෙන සිටීම.

අපත්

1. වි. නොපවතින; නැති.
2. වි. මියගිය; අභාවප්‍රාප්ත.
නා.ප්‍ර. ආපදා; විපත්; විනාශ.

අපත්යීකරණය

(පාරිභා.) නා. (නීති.) දරුකමට හදා ගැනීම (=adoption).

අපත්‍ය

නා.ප්‍ර. දරුවා; පුත්‍රයා.

අපත්‍ය පථය

නා. යෝනි මාර්ගය; යෝනිය.

අපත්‍යාගය

(පාරිභා.) නා. (නීති.) විධිමත් ව හෝ පැහැර හැරීමෙන් හෝ අත්හැරීම (=abdication).

අපත්‍ර

1. වි. පියාපත් නැති; අත්ඇඳි රහිත.
2. වි. කොළ නැති.