සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1336
රාක්ෂසිය
නා. රාක්ෂස ස්ත්‍රිය ; රකුසිය.
රාක්ෂා
නා.ප්‍ර. ලාක්ෂා ; ලාකඩ.
රාග
වි. රාගය පිළිබඳ ; රාගය සහිත.
රාග පණිධිය
නා. රාගයෙන් කරන පැතුම ; රාග මූලික ප්‍රණිධිය.
රාග ප්‍රකෘතිය
නා. රාගයෙහි ඇලී ගැලී ඉන්නා ස්වභාවය.
රාග ප්‍රසරය
නා. පැතිරි ගිය අනුරාගය.
රාග ප්රහාණය
නා. රාගය නැති කිරීම.
රාග පාසය
නා. රාග නමැති මල පුඩුව.
රාග මත
නා.ප්‍ර. රාගය නිසා ඇති වන මුළාව.
රාග මදය
නා. රාගය නිසා සිතේ ඇති වන කුල්මත් බව.
රාග මාත්‍රය
නා. ප්‍රමාණයෙන් ස්වල්ප වූ රාගය.
රාග මෝහ චරිතය
නා. රාගය මෝහය එක සමාන ව බලපාන චිත්ත ස්වභාව.
රාග රක්තය
නා. රාගයෙන් බැඳීම.
රාග රාජ
නා.ප්‍ර. පහත රට බෙර තාලයක්.
රාග වන්නම
නා. වන්නම් විශේෂයක්.
රාග වර්ධනී
නා.ප්‍ර. හින්දුස්ථානී සංගීත රාගයක්.
රාග විරාගය
නා. රාග ප්රහාණය කිරීම ; නිර්වාණය.
රාග සඞ්ගය
නා. රාගයෙහි බැඳීම ; රාග වසඟය.
රාග සන්නිශ්‍රිත
වි. රාගය ඇසුරු කළ ; රාගය හා සම්මිශ්ර.
රාගක්ඛය
නා. ඇල්ම නැති කිරීම ; රාගය සහමුලින් ක්ෂය කොට අර්හත් භාවයට පත්වීම.
රාගචූර්ණය
නා. ආගමික උත්සවවල දී ඇඟ තවරා ගන්නා රතු කල්කය.
රාගදාව
1. නා. පැහැය ඇති කරන දෙය.
2. පළිඟු ; ස්ඵටික.
රාගනිශ්රිත
වි. රාගය ඇසුරු කරන ලද ; අනුරාග සහිත.
රාගම
1. නා. සිංහල සංගීතයේ දෙ වැදෑරුම් ගායනා ක්‍රමයෙන් එකක්.
2. රමණීය තාලයෙන් යුක්ත පද්‍ය බන්ධනය.
3. කාම රාගය විදහා දක්වන පද්‍ය ප්‍රබන්ධය.