සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1337
රාගමය
වි. රාගයෙන් හටගත්.
රාගමල
නා.ප්‍ර. රාගය නමැති කිලුට.
රාගය
1. නා. ඇල්ම ; ආශාව ; රතිය.
2. පාට ; පැහැය ; වර්ණය.
3. සප්ත ස්වර අතරින් පහක් හෝ වැඩි ගණනක් සහිත නාද රටාව.
4. ගීය.
5. සඳ ; චන්ද්‍රයා.
6. අග්ගලා.
7. රතුපාට.
රාගවිධි
නා.ප්‍ර. ස්වර සංකලනයෙන් විවිධ රස ඉදිරිපත් කිරීමේ ක්‍රමය.
රාගවිනය
නා.ප්‍ර. රාගය පහකිරීම.
රාගස්ථ
වි. සංගීත රාගයෙහි පිහිටුවන ලද ; රාගගත.
රාගි
1. වි. වර්ණවත් ; වර්ණයෙන් යුක්ත.
2. රාගය සහිත ; රාගය ඇති.
රාගි තිමිරය
නා. ඇස් රතු වීම ලක්ෂණ කොට ඇති අක්ෂි රෝගයක්.
රාගි පොඩි
නා.ප්‍ර. රිදී පෑස්සීම සඳහා රිදී හා තඹ මිශ්‍ර කොට සාදා ගැනෙන ලෝහය.
රාගික
වි. දැඩි ආශා සහිත ; අනුරාගී.
රාගිණී
නා.ප්‍ර. බුලත් ; තාම්බූල.
රාගිනී
නා.ප්‍ර. හින්දුස්ථානි සංගීතයේ උපරාග.
රාගී
වි. රාගයෙන් යුත්.
1. රාගී තැනැත්තා.
2. ධාන්‍ය වර්ගයක් ; කුරක්කන්.
රාගුඩුවා
1. නා. රා බීමට ඇබ්බැහි වූ පුද්ගලයා.
2. කරදිය මත්ස්‍යයෙක්.
රාගේෂ්වරි
නා.ප්‍ර. (සංගී.) හින්දුස්ථානී රාගයක්.
රාගෝත්සන්න
රාගෝද්දීපන
[රාග + උද්දීපන]
වි. රාගය දල්වන ; රාගය අවුස්සන
රාගෝද්දීපනය
නා. රාගය දැල්වීම ; රාගය ඇවිස්සීම.
රාජ
1. නා.ප්‍ර. උත්තමයා ; ශ්‍රේෂ්ඨයා ; විශිෂ්ටයා ; අධිපතියා ; නායකයා.
2. රාජ්‍යයක නායකයා වශයෙන් කිරුළු පැලඳි තැනැත්තා ; නරපතියා ; නරදේවයා ; භූපාලයා ; භූපතියා.
3. ප්‍රධාන පාලකයා ; ප්‍රධානයා.
1. වි. උත්තම ; ශ්‍රේෂ්ඨ ; විශිෂ්ට ; අධිපති.
2. රජකු හා සම්බන්ධ.
3. විශාල ප්‍රමාණයෙන් යුත්.
රාජ අංගණය
නා. රජ මාළිගයේ මිදුල.
රාජ අංගම
නා. මතුරා පිඹි කල සිහි නැති ව බිම වැටෙන බව විශ්වාස කරනු ලබන බලගතු මන්ත්‍රයක්.
රාජ අගම්පඩි
නා.ප්‍ර. ඇතැම් සිංහල රජුන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ යෙදුණු කුලීහේවා පිරිස.
රාජ අන්තරාය
නා. රජුන්ගෙන් පැමිණෙන උපද්‍රවය.
රාජ අපරාධය
නා. රජුට නොහොත් රජයට විරුද්ධ ව කරන සාපරාධි ක්‍රියාව ; රාජද්‍රෝහි ක්‍රියාව.