සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1335

රා උරා

නා.ප්‍ර. රාහු (ග්‍රහයා) නැමැති නාගයා ; නාගරාජයකු සමාන වූ රාහු.

රා ඔඩම

නා. මත්පැන් බීම සඳහා ගන්නා බඳුන ; සුරාපානය කිරීමට පාවිච්චි කරන කුසලාන.

රා ගුදම

1. නා. සුරා සැල ; තැබෑරුම.
2. රා රැස් කර තබන විශාල දැවමුවා භාජනය.

රා විත

නා.ප්‍ර. සුරා බීමට ගන්නා බඳුන ; රා ඔඩම.

රා සිත

නා. රාගී චිත්තය ; සරාගී සිත.

රා සුරා

නා.ප්‍ර. රාහු නම් අසුරා.

රා සොඬා

නා. රා බීමට ලොල් තැනැත්තා ; බේබද්දා.

රා හැලි

නා.ප්‍ර. සිංහල සැහැලි විරිත් වර්ගයක්.

රාං කටුව

නා. වළංවල බැඳී තිබෙන දෑ සූරා ඉවත් කිරීම සඳහා භාවිත කරන බෙලිකටුව.

රාංග

නා.ප්‍ර. රා සඳහා මදින පොල්මල්වල ඇති කුඩා ගොබලු.

රාක්ක දිලීර

නා.ප්‍ර. වටකුරු රාක්කයක් මෙන් පිටතට නෙරා වැඩෙන කඳන් හතු විශේෂයක්.

රාක්කය

නා. යම් යම් භාණ්ඩ තැබීම සඳහා භාවිත තට්ටු සහිත ගෘහ භාණ්ඩය.

රාක්ෂ

වි. දරුණු ; භයානක ; රෞද්‍ර ; රකුසු.

රාක්ෂ ගුල්මය

නා. තියුණු වේදනාවක් ඇති කරන උදරාබාධයක්.

රාක්ෂ බලිය

නා. රාක්ෂ රූපාකාරය දක්වන බලිය.

රාක්ෂ මූණු බිම

නා. (වාස්තු.) නිවාස තැනීම් ශුභඵල දායක බව පැවසෙන වළ-ගොඩැලි සහිත බිම් කඩ.

රාක්ෂ සන්නිය

නා. දහඅට සන්නියෙන් එකක් ; සන්නි රෝගයක්.

රාක්ෂගණ

නා.ප්‍ර. (ජ්‍යෝති.) නැකැත් විසි හත බෙදනු ලැබ ඇති ගණ තුනින් එකක්.

රාක්ෂයා

1. නා. රකුසා ; යක්ෂයා ; මිනී මස් කන භයානක යක්ෂයා.
2. රාක්ෂ හෙවත් රාක්ෂස ගෝත්‍රයට අයත් තැනැත්තා.

රාක්ෂස

වි. රකුසන් පිළිබඳ වූ ; රාක්ෂසයනට අයත්.
1. නා.ප්‍ර. මානසික රෝගයක් ; අපස්මාරය.
2. ඖෂධ සංයෝග සඳහා ගනු ලබන ද්‍රව්‍යයක් ; හොරමැලියම්.
3. රාක්ෂස නම් ගෝත්‍රයට අයත් පුද්ගලයා.
4. යමපල්ලා.

රාක්ෂස ද්වාරය

නා. පුරාණයේ පොළොන්නරුවේ ප්‍රාකාරයේ පුලස්ති පුරවරය වටා සාදන ලද දොරටුවලින් එකක්.

රාක්ෂස පද

නා.ප්‍ර. පහත රට බෙර තාලයක්.

රාක්ෂස පුර

නා.ප්‍ර. පුරාණයේ දී ලක්දිවට ව්‍යවහාර කළ නාමයක්.

රාක්ෂස විවාහය

නා. කාන්තාවක බලයෙන් පැහැර ගෙනගොස් අඹුව කොට ගැනීම.