සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1334
රහස්‍ය
වි. එළිනොකළ යුතු ; රහසිගත.
රහස්යගය
නා. ස්ත්‍රී හෝ පුරුෂ ලිංගය.
රහස්‍යතා දිවුරුම
(පාරිභා.) නා. රහස්‍යභාවය රැකීම සඳහා කරන දිවුරුම් ප්‍රකාශය ; යමක් රහසිගත ව තබාගන්නා බවට දෙන ප්‍රතිඥාව.
රහිත
වි. නැති ; වියුක්ත ; තොර.
ක්‍රි.වි. නැති ව ; තොරව.
රහෝ
වි. රහස්.
රළ
1. නා.ප්‍ර. සුළඟ, වඩදිය ආදිය හේතුකොටගෙන ජලාශයක් මත හටගෙන, එක් දිශාවක් කරා එක පසු එක ඇදී යන දිය වැටි ; තරංග ; තරඟ.
2. සමූහය ; රංචුව ; ගණය.
රළ පතර
නා. රළ සමූහය.
රළ පහණ
නා. වැව් කණ්ඩියක් රැළ වැදී සෝදායාමෙන් වැළැක්වීම සඳහා එහි එළන ගල්.
රළ බැඳි මළුව
(පාරිභා.) නා. රළ ගැසීම නිසා අවට බිම දඩි ඛාදනයට පත්වීමෙන් ඇති වුණු උස් බිම තට්ටුව.
රළ බුන් දඹය
(පාරිභා.) නා. වෙරළෙහි රළ බිඳෙන ප්‍රදේශයේ කෙලින් උස්ව පිහිටි පර්වතය.
රළ බුන් වේදිකාව
(පාරිභා.) නා. වෙරළෙහි රළ බිඳීම නිසා සෑදුණු වේදිකාවක් මෙන් උස් ව පිහිටි බිම් ප්‍රදේශය.
රළපාව
(පාරිභා.) නා. රළෙහි පහළ කොටස ; තරඞ්ග පාදය.
රළවැළ
නා. රළ සමූහය ; තරඞ්ග පෙළ.
රළහිරි වියමන
(පාරිභා.) නා. රෙදි විවීමේ මෝස්තරයක්.
රළු
1. වි. කටුක ; කර්කශ ; රූක්ෂ ; ගොරෝසු ; දළ.
2. නපුරු ; රෞද්‍ර ; ඝෝර.
රළු කරළු
වි. අතිශයින් කර්කශ ; ඉතා කටුක ; රළුපරළු.
රළු කොරල
(පාරිභා.) නා. මෝරාගේ කොරල වැනි කොරල ; ගොරෝසු කොරපොතු.
රළු පීර
(පාරිභා.) නා.ප්‍ර. අගලකට දෑති තිහක් පමණ පවතින පීරි විශේෂයක්.
රළුපරළු
වි. ඉතා කර්කෂ ; අතිශයින් කටුක.
රළුබූව
(පාරිභා.) නා. ශාකවල ගෙඩි කොළ ආදියේ හටගන්නා සිහින් ලෝම වැනි කෙඳි.
රළුමරුව
නා. ගොරෝසු ලොකු කැට සහිත වැලි.
රා
1. නා.ප්‍ර. කිතුල්, පොල් වැනි තාල වර්ගයේ ගස්වල මල් මැදීමෙන් ලබාගන්නා මිහිරි දියර ; තෙලිදිය ; තෙලිජ්ජ.
2. තෙලිදිය පැසවීමෙන් මිහිරි ගතිය නැතිකොට ලබාගන්නා මත්පැන ; මහරා.
3. තැම්බූ ධාන්‍ය පල යුෂ ආදිය පැසවා පිළියෙළ කරගන්නා මද්‍යසාර පානය ; රහමෙර ; සුරාව.
4. යම් යම් අරමුණක් පිළිබඳව සිත තුළ ඇතිවන අනුරක්ත භාවය ; රාගය.
5. සප්තස්වර සංකලනයවීමෙන් ඇතිවන නාද රටාවක නාමය ; ග්‍රාම රාගය.
6. කාන්තිය ; රශ්මිය ; දීප්තිය.
7. ඇල්ම ; ආදරය.
8. අනුරාගයට අධිපති දෙවියා ; අනංගයා.
9. සිකුරු ග්‍රහයා.
10. ශුක්‍ර ධාතුව.
11. පාට ; පැහැය.
12. හඬ ; රාවය ; නාදය.
13. රාහු ග්‍රහයා.
14. ගින්දර.
15. අමනුෂ්‍ය වර්ගයක් ; රාක්ෂයා.
රා අතුර
1. නා. රා මැදීම පිණිස බිමට නො බැස ගසකින් ගසකට යාම පිණිස ගස යාකොට බැඳ තිබෙන රැහැන.
2. රා එකතු කරන ස්ථානය ; රා පොළ.
රා අසුරිඳු
නා.ප්‍ර. අසුරයන්ගේ අධිපතියකු වූ රාහු ; රාහු නම් අසුර රාජයා.