රා
rā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කිතුල්, පොල් වැනි තාල වර්ගයේ ගස්වල මල් මැදීමෙන් ලබාගන්නා මිහිරි දියර ; තෙලිදිය ; තෙලිජ්ජ.
2. තෙලිදිය පැසවීමෙන් මිහිරි ගතිය නැතිකොට ලබාගන්නා මත්පැන ; මහරා.
3. තැම්බූ ධාන්ය පල යුෂ ආදිය පැසවා පිළියෙළ කරගන්නා මද්යසාර පානය ; රහමෙර ; සුරාව.
4. යම් යම් අරමුණක් පිළිබඳව සිත තුළ ඇතිවන අනුරක්ත භාවය ; රාගය.
5. සප්තස්වර සංකලනයවීමෙන් ඇතිවන නාද රටාවක නාමය ; ග්රාම රාගය.
6. කාන්තිය ; රශ්මිය ; දීප්තිය.
7. ඇල්ම ; ආදරය.
8. අනුරාගයට අධිපති දෙවියා ; අනංගයා.
9. සිකුරු ග්රහයා.
10. ශුක්ර ධාතුව.
11. පාට ; පැහැය.
12. හඬ ; රාවය ; නාදය.
13. රාහු ග්රහයා.
14. ගින්දර.
15. අමනුෂ්ය වර්ගයක් ; රාක්ෂයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ගාහෙ, ගැනීමෙහි, රහති, ගනී. (පි. 440)