සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 753
රහ
√ චු. වජ්ජනෙ, රහෙති, රහයති හරියි, දුරුකරයි.
පු. විජන ස්ථානය, විවේක ස්ථානය, රහස.
√ භු. ඛරෙ, ක්රෑර බැව්හි, රභති, රළුකම් කෙරෙයි.
√ භු. චාගෙ, ත්යාගයෙහි, රහති, හරියි, තෑගිකරයි.
√ භු. ගමනෙ, යාමෙහි, රහති, යෙයි. (පි. 440)
රහති
ක්රි. (√ භු. ගමනෙ, ගමන්හි +ති) යෙයි, ගමන් කරයි. (පි. 440)
රහද
√ භු. අව්යත්තෙ සද්දෙ, නොවියත් ශබ්දයෙහි, රහදති, නොවියත් ශබ්ද කෙරෙයි.
පු. විල. (පි. 440)
රහයති
ක්රි. (√ භු. ගමනෙ, ගමන්හි +ති) රහසින් යෙයි. (පි. 440)
රහස
පු. අන්යයෙකුට නොදැන්විය යුත්ත. (පි. 440)
රහස්ස
න. රහස. (පි. 440)
රහස්සක
පු. රහස. (පි. 440)
රහස්සඞ්ග
න. ස්ත්රී පුරුෂ නිමිති. (පි. 440)
රහසා
පු. කරණුත්තරිය කරන්නා. (පි. 439)
රහසි
පු. රහස. (පි. 440)
රහිත
ති. තොර නැති, අභාවය. (පි. 440)
රහො
අ. රහස් තැන, රහස, අසම්මුඛයෙහි විවේකයෙහි. (පි. 440)
රා
√ භු. ගාහෙ, ගැනීමෙහි, රහති, ගනී. (පි. 440)
රාඛ
√ භු. සොසෙ, වියලීමෙහි, රාඛති, වියලයි. (පි. 440)
රාග
පු. වර්ණය, තෘෂ්ණාව, රැඳීම. (පි. 440)
රාගක්ඛය
පු. රාගක්ෂය, රාගය ක්ෂය කිරීම, නිවන. (පි. 440)
රාගචරිත
පු. රාගචරිතයා, රාගය අධික කොට ඇත්තා. (පි. 441)
රාගානුසය
පු. ප්රහීණ නොවී සන්තානයෙහි පවත්නා රාගය. (පි. 441)
රාගාසනී
පු. (රාග+අසනී) බුදුරජ. (පි. 441)
රාගී
පු. රාගය ඇත්තා, රාගියා. (පි. 441)
රාගුස්සද
පු. රාගය උසස්ව ඇත්තා, අධික රාගියා. (පි. 441)
රාඝ
√ භු. සාමත්ථෙ, සාමත්ථ්යයෙහි, පොහොසත් බැව්හි. රාඝති, පොහොසත් වෙයි, සමර්ථවෙයි. (පි. 441)
රාජ
පු. රජා, ක්ෂත්රියයා, අධිපතියා, නායකයා
√ භු. ඔභාසෙ, බැබලීමෙහි, රාජති, බබලයි. (පි. 441)
රාජක
පු. රජ, රාජය. (පි. 441)