සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 754

රාජකකුධභණ්ඩ

න. පඤ්චරාජකකුධභාණ්ඩ කඩුව, සෙසත, නළල්පට, මිරිවැඩිසඟල, වාලවීජනීය යන භාණ්ඩ පස. (පි. 441)

රාජකථා

ඉ. රජුන් පිළිබඳ කථා (පි. 441)

රාජකොට්ඨාස

පු. රජුගේ කොටස, රජුන්ට දියයුතු භාගය. (පි. 441)

රාජඛාද

න. රාජභෝජනය, රජුන් විසින් කෑ යුත්ත. (පි. 441)

රාජගහ

න. රජගහනුවර. (පි. 441)

රාජඞ්ගන

න. රජ මිදුල. (පි. 441)

රාජඤ්ඤ

පු. ක්ෂත්‍රියයා, අභිෂේක නොකළ රජ. (පි. 441)

රාජති

ක්‍රි. (√ භු. රාජ, දිත්තියං, දීප්තියෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 441)

රාජදූත

පු. රජුන්ගේ දූතයා. (පි. 441)

රාජධම්ම

පු. දශරාජධර්‍මය. (පි. 441)

රාජධානි

ඉ. රාජධානිය, අගනුවර, රාජ මාලිගා පිහිටි ප්‍ර‍ධාන නුවර. (පි. 441)

රාජන්තෙපුර

න. රජුන්ගේ ඇතුළු පුරය, ඇතුළු නගරය. (පි. 441)

රාජපොරිස

න. රජ පුරුෂයාට අයත්, රාජ පුරුෂයා, ආයුධ රහිතව රජුන්ට උපස්ථාන කරන්නා. (පි. 441)

රාජභොග්ග

පු. රජුන්ට අයත් භොගය, රජුන් විසින් අනුභව කටයුතු. (පි. 441)

රාජමුද්දා

ඉ. රාජමුද්‍රාව, රාජබලය පිහිටි සටහන. (පි. 441)

රාජයක්ඛ

පු. රාජයක්ෂම රෝගය, ක්ෂය රෝගය. (පි. 441)

රාජරාජ

පු. වෙසමුණි රජු. (පි. 441)

රාජරුක්ඛ

පු. රජරුක, රාජ වෘක්ෂය, නුග ගස.
පු. ඇසළ ගස. (පි. 441)

රාජලිඞ්ග

පු. රජුන්ගේ රාජත්වය පිළිබඳ ලක්ෂණය, පඤ්චරාජ කකුධ භාණ්ඩය. (පි. 441)

රාජවය්හ

පු. රාජවාහන ඇතා, මඞ්ගල ඇතා. (පි. 441)

රාජවල්ලභ

පු. රජුන්ට වල්ලභ වන, රජුන්ට විස්වාස ඇත්තා, රාජහිතෙසියා. (පි. 441)

රාජවිභුති

ඉ. රාජ ඓශ්චර්‍ය්‍යය. (පි. 441)

රාජහංස

පු. රත්වූ පා හා තුඩු ඇති හංසයා. (පි. 441)

රාජාගාර

න. රජගෙය, රජ මැදුර. (පි. 441)