සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 755

රාජාදන

න. පියල්ගස. (පි. 441)

රාජාදනඵල

පු. කිරිපලු ගස. (පි. 441)

රාජාධිරාජ

පු. අධිරාජයා, රජුන්ගේද රජ, මහරජ. (පි. 441)

රාජායතන

න. රාජාදන, පියල්ගස. (පි. 441)

රාජාරහ

න. අගිල්. (පි. 441)

රාජි

ඉ. වනරෙඛාව, රෙඛාව, පඞ්ක්තිය. (පි. 441)

රාජිකා

ඉ. රෙඛාව. (පි. 441)

රාජිත

ති. බබලන ලද. (පි. 441)

රාජිමන්තු

පු. රෙඛා ඇත්තා, රෙඛාසහිතයා. (පි. 441)

රාජුල

පු. දියබරණ, දියබරියා. (පි. 441)

රාජූපභොග

පු. රජුන්ගේ උපභොගය. (පි. 441)

රාජොරොධ

පු. රජුගේ අන්තඃපුරය, බිසෝවරුන්ගේ වාසභවනය, රාජමෙහෙසියො. (පි. 441)

රාධ

√ දි. නිප්පාදනෙ, නිපදවීමෙහි, රාධති, නිපදවයි, ආරාධනා කරයි.
√ භු. තාඩනෙ, පෙළීමෙහි, රාධති, පෙළයි, සිත් ගනියි. (පි. 441)

රාධිත

ති. සෑදූ දෙය, සාදන ලද්ද. (පි. 442)

රාධෙති

ක්‍රි. (√ භු. රාධ, සංරාධෙ, සතුටු කිරීමෙහි +ණෙ+ති) සතුටු කරවයි. (පි. 442)

රාම

පු. සිත්කලු, රාමයා. (පි. 442)

රාමනීය

ති. සිත්කලු දෙය. (පි. 442)

රාමනෙය්‍යක

පු. සිත්කලු දෙය. (පි. 442)

රාල

පු. දුම්මල, යක්ෂධූම. (පි. 442)

රාව

පු. හඬ, නාදය, ශබ්දය. (පි. 442)

රාසභ

පු. කොටලුවා. (පි. 442)

රාසි

පු. සමූහය, රැස, මෙෂාදී දොළොස් රාශි. (පි. 442)

රාසික

පු. රාසියෙන් යුත්, රාසියක් ඇති. (පි. 442)

රාසිවඩ්ඪක

පු. අයකැමියා, භාණ්ඩාගාරිකයා. (පි. 442)