සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1340
රාජ ප්‍රතිලාභය
නා. රජකම ලැබීම.
රාජ ප්‍රදර්ශනය
නා. රජු දැකීම ; රාජ දර්ශනය.
රාජ පාක්ෂික
1. වි. රජුට පක්ෂපාත.
2. රාජ්‍යයට පක්ෂපාත.
රාජ පිට්ටු
නා.ප්‍ර. පැරණි වස්ත්‍ර විශේෂයක්.
රාජ පුත්‍ර
1. නා.ප්‍ර. රජුගේ පුතා.
2. රජතුමා.
3. රාජ වංශිකයා.
4. වයඹ දිග ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්ත වාසි රාජ්පුත් ජනයා.
රාජ පුරුෂයා
1. නා. රාජ සේවකයා.
2. රජුගේ භට හමුදාවේ නියුතයා.
රාජ පුරෝහිතයා
නා. රජුට අනුශාසනා කරන්නා ; රජුට උපදෙස් දුන් බ්‍රාහ්මණ පඬිවරයා.
රාජ පූජකයා
නා. රජුගේ ආගමික කටයුතු මෙහෙයවන ප්‍රධාන පූජකයා.
රාජ පේරස
නා. රාජ ලාංඡනයක් වශයෙන් රජු පලඳින මුද්ද.
රාජ පොහොට්ටු
නා.ප්‍ර. තද දම් හෝ සුදු කුඩා ගෝලාකාර මල් රාශියක් හට ගැනෙන පැළෑටිය.
රාජ බලය
නා. රජුගේ ශක්තිය; රජකුට අයත් බලය.
රාජ බලිය
නා. රජුට දිය යුතු බදු ආදිය.
රාජ භංගය
නා. රජකු බලයෙන් පහ කිරීම.
රාජ භක්තිය
නා. රජ කෙරෙහි පවතින ආදර ගෞරවය.
රාජ භටයා
නා. රජුගේ බල හමුදාවට අයත් තැනැත්තා ; රාජ පුරුෂයා.
රාජ භතිකයා
නා. රජුගේ බැළයා ; යුද සෙබළා.
රාජ භවන
නා.ප්‍ර. රජගෙය.
රාජ භාණ්ඩාගාරය
නා. රජුගේ ධනය ගබඩා කොට ඇති ආයතනය.
රාජ භෝග
නා.ප්‍ර. රජුගේ ආදායම ; රජුට හිමි වස්තුව.
රාජ භෝජනය
නා. රජුගේ ආහාරය ; රජ බොජුන.
රාජ මංගල වීථිය
නා. රජ මාවත ; රජුන් හා රාජ්‍ය කටයුතු හා විශේෂ සම්බන්ධයක් ඇති වීථිය ; රජු ගමන් ගන්නා මාර්ගය.
රාජ මංගල්‍යය
නා. රජුන් හා සම්බන්ධ උත්සවය ; අභිෂේක විවාහ ආදී උත්සවයක්.
රාජ මණ්ඩලය
නා. රජු විසින් විශේෂ කාර්යයක් සඳහා පත් කරනු ලබන ස්වල්ප දෙනකුගෙන් යුක්ත ආයතන ඒකකයක්.
රාජ මන්ත්‍රී
නා.ප්‍ර. රජයක් පාලනය කිරීමේ බලතල සහිත ආයතනයක සාමාජිකයකු වශයෙන් පත් කරනු ලබන නියෝජිතයා.