සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1339

රාජ චරිතය

නා. රජකුගේ හැසිරීම් රටාව ; රජ සිරිත ; රජුගේ ජීවන ක්‍රියාවලිය ; රජුගේ ජීවිත කථාව.

රාජ ඡත්‍රය

නා. රාජ්‍ය සංකේතයක් වශයෙන් පවත්නා සේසත.

රාජ ජල්ලි

නා.ප්‍ර. රාජකීය ජල්ලිය බ.

රාජ තීරුව

නා. රජුට ගෙවිය යුතු බද්ද.

රාජ දණ්ඩනය

නා. රජු විසින් පැවරෙන දඬුවම ; නීතියෙන් දෙනු ලබන දඬුවම.

රාජ දණ්ඩය

නා. රාජ කොන්තය ; රාජයෂ්ටිය.

රාජ දත්ත

වි. රජු විසින් ප්‍රදානය කරනු ලැබූ.

රාජ දන්ත

නා.ප්‍ර. ඉහළ ඇන්දේ ඉදිරියේ මැද පිහිටි දත්.

රාජ දම්

නා.ප්‍ර. රජ දම් බ.

රාජ දර්ශනය

නා. රජු දැක්ම ; රජුට පෙනෙන්නට සිටීම.

රාජ ද්‍රෝහය

නා. රජුට නොහොත් රාජ්‍යයට විරුද්ධවීම ; රජය පෙරළීමට ප්‍රයත්න දැරීම ; රජුට ද්‍රෝහීවීම.

රාජ දානය

නා. රජුගේ දීමනාව ; රාජකීය පරිත්‍යාගය.

රාජ දූතයා

නා. රජු හෝ රාජ්‍යය වෙනුවෙන් පණිවුඩ ගෙන යන නියෝජිතයා ; තානාපතියා.

රාජ නාරායණ

1. නා.ප්‍ර. හින්දුස්ථානි සංගීතයේ තාල ප්‍රභේදයක්.
2. කෝට්ටේ රාජධානියේ සිංහල රජවරුන් සඳහා යෙදුණ ගෞරවාර්හ උප පදයක්.

රාජ නින්ද

වි. රජුට සම්පූර්ණයෙන් ම අයත්.

රාජ නියුක්තයා

නා. රාජ්‍ය කටයුතුවල යෙදී සිටින්නා ; රාජ්‍ය සේවකයා.

රාජ නියෝග

නා.ප්‍ර. රජුගේ නියම ; රාජ විධාන.

රාජ නිවේසනය

නා. රජ ගෙදර ; රජමාළිගය ; රජුගේ වාසස්ථානය.

රාජ පත්නිය

නා. රජුගේ භාර්යාව ; රජ බිසොව.

රාජ පරමාධිකාරය

නා. රජ කෙනකු සතු විශේෂ බලතල.

රාජ පර්යංකය

නා. රජුගේ ආසනය ; සිංහාසනය.

රාජ පර්ෂත්

නා.ප්‍ර. රජුගේ පිරිවර ; රජපිරිස.

රාජ පරිජනයා

නා. රාජ පිරිවර ; රජුගේ පිරිවර සෙනඟ.

රාජ ප්‍රතිඥාව

නා. රජුගේ පොරොන්දුව ; රජු හා කරනු ලබන ගිවිසුම.