සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1343
රාජධීතා
රාජ දූහිතෘ බ.
රාජධුරය
නා. රජ පදවිය ; රාජ්ය පාලන කටයුත්ත.
රාජධෛර්යය
නා. රජකු කෙරෙහි පැවතිය යුතු උත්සාහවන්ත බව.
රාජනන්දන
නා.ප්ර. රජකුගේ පුතා හෝ දුව ; රාජ කුමාරයා හෝ රාජ කුමරිය.
රාජනයය
නා. රජුගේ රාජ්ය පාලන ප්රතිපත්තිය.
රාජන්
නා.ප්ර. රජතුමා ; රාජවංශිකයා ; ක්ෂත්රියයා.
රාජන්තරාය
නා.ප්ර. රජුන් නිසා වන අනතුර.
රාජන්යයා
නා. රාජවංශිකයා ; ක්ෂත්රියයා.
රාජනිය
නා. රජ කරන තැනැත්තිය ; රැජින ; රාජිනී.
රාජනී ගෘහය
නා. රැජිනගේ මාළිගය.
රාජනීතිඥයා
නා. රජුගේ නීතිඥයා ; නීතිඥයන් අතුරින් උසස්ම අය නම් කිරීම සඳහා යොදන පදවි නාමයක්.
රාජනීතිය
නා. රාජ්යයක් පාලනය කිරීම සඳහා අවශ්ය නීති පද්ධතිය.
රාජනෛතික
වි. රාජ නීතියට සම්බන්ධ ; රාජනීතිය පිළිබඳ වූ.
රාජපක්ෂ
1. වි. රජුට පක්ෂ ; රජ හට පක්ෂපාත.
2. රාජ්යයට හිතවත් නිලධාරීන් වෙත ලැබුණු ගෞරව නාමයක්.
රාජපට්ටු
නා.ප්ර. දඹදෙණි රාජ සමයෙහි භාවිත කරන ලද වස්ත්ර විශේෂයක්.
රාජපඩි
නා.ප්ර. යම් දේශ සීමාවක් තුළ භාණ්ඩවල බර කිරීම සඳහා රජයෙන් අනුමත කරන ලද පඩි.
රාජපණ්ඩිතයා
නා. රජුට අනුශාසනා කරන පඬිවරයා ; ක්ෂත්රීය පඬිවරයා.
රාජපණිවිඩය
නා. රජුගේ නියෝගයක් ලියන ලද පත්රය ; රාජ පයිංඩය.
රාජපථය
නා. රජුන්ගේ මාර්ගය ; රජ මාවත.
රාජපද ප්රාප්තිය
නා. රජ බවට පත්වීම ; රජකම ලැබීම.
රාජපදවිය
නා. රජ තනතුරට පත්වීම ; රාජ්යත්වය.
රාජපරම්පරාව
නා. රජුන්ගේ පරපුර ; රජ පෙළපත.
රාජපරිචරියාව
නා. රජුට සේවය කිරීම ; රාජ සේවය.
රාජප්රශස්තිය
නා. රජුගේ වීරත්වය හා ගුණ වර්ණතා කරමින් ද ඔහුට ආශිර්වාද කරමින් ද රචිත ප්රබන්ධය.