සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1342
රාජගුය්හ
නා.ප්ර. රජුන් හා සම්බන්ධ ගුප්ත කරණය.
රාජගුරු
1. නා.ප්ර. රජුන්ගේ ආචාර්යයා ; රජුනට අනුශාසනා කරන්නා.
2. සංඝරාජ මහා ස්ථවිර නමකට ප්රදානය කරනු ලබන ගරු නාමයක්.
3. (රෝ.ක.) කතෝලික සභාවේ ප්රධාන පූජකවරයා.
රාජගුරු ප්රසාදි
නා.ප්ර. කතෝලික සභාවේ උසස් ම පූජාප්රසාදිවරයා.
රාජගුරු සැරයටිය
නා. රාජගුරු ප්රසාදීන් වහන්සේගේ පදවි ලාංඡනය සේ ගැනෙන සැරයටිය.
රාජගුළිය
නා. අතීසාර රෝගය සඳහා ප්රත්යක්ෂ ඖෂධයක්.
රාජගෘහ
1. නා.ප්ර. රජගහ නුවර.
2. රජ මාලිගය.
රාජඝාතක
වි. රජකු මරණයට පත් කළ.
රාජඞ්ග
රාජඟමය
නා. රාජ තේජස ; රජකු කෙරෙහි පවත්නා ගෞරවාන්විත භාවය. ෙ
රාජඤ්ඤ
නා.ප්ර. රාජයා ; රාජවංශිකයා ; ක්ෂත්රියයා.
රාජටිකා
නා.ප්ර. රජවරුන්ගේ නළල් තලය අලංකාර කරන තිලකය.
රාජත්වය
නා. රජකම ; රාජභාවය.
රාජතාල
1. නා.ප්ර. පුවක් ගස.
2. හින්දුස්ථානි සංගීතයේ එන සප්ත තාල ප්රභේදයන්ගෙන් එකක්.
රාජදණ්ඩධාරී
වි. රාජ යෂ්ටිය දරන ; රාජකීය ජය කොන්තය දරන.
රාජද්වාරය
නා. රජ මාළිගයේ දොරටුව.
රාජද්රැම
නා.ප්ර. ඇසළ ගස.
රාජද්රෝහියා
නා. රජුට නොහොත් රාජ්යයට විරුද්ධ ව ද්රෝහීකම් කරන්නා.
රාජද්රෝහී
වි. රජුට නොහොත් රාජ්යයට විරුද්ධ ව කටයුතු කරන.
රාජදාය
නා. රජු විසින් දිය යුත්ත; රජු විසින් දෙන ලද දෙය.
රාජදුහිතෘ
නා.ප්ර. රජ දූ ; රජ කුමරිය.
රාජදේය
නා.ප්ර. රජ නොහොත් රාජ්යයට දිය යුතු බදු ආදිය.
රාජධනය
නා. රජුට ලැබෙන ආදායම.
රාජධර්මය
නා. පුරාණයේ රජුන් විසින් දතයුතු වූ දසවැදෑරුම් පාලන ධර්මය.
රාජධානයි
1. නා. රටක රජු වසන නගරය නොහොත් රාජ්ය පාලනය පිළිබඳ මධ්යස්ථානය වන නගරය.
2. රජතුමකුගේ පාලනය පවතින ප්රදේශය.