සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1345

රාජරාජ

නා.ප්‍ර. රජුන්ගේ රජ ; අධිරාජ.

රාජලංඡනය

නා. රාජ මුද්‍රාව.

රාජලක්ෂණ

නා.ප්‍ර. රජකු බවට පැමිණෙන්නකු කෙරෙහි පවතින විශේෂ ශරීර ලක්ෂණ.

රාජලීලාව

නා. රජකු කෙරෙහි විද්‍යමාන විය යුතු විලාසය.

රාජලේඛනය

නා. රජුගේ ලියවිල්ල ; ලේකම් මිටිය.

රාජවංශය

නා. රාජ පරම්පරාව ; රජ පෙළපත.

රාජවංශෝද්භූත

වි. රාජ වංශයෙහි උපන් ; රජ කුලයට අයත් ; රාජ වංශික.

රාජවත්තය

නා. රාජ සේවකයන් රජු කෙරෙහි පැවතිය යුතු අන්දම.

රාජවරණය

නා. රජකම සඳහා සුදුස්සකු තෝරා ගැනුම.

රාජවරප්‍රසාදය

නා. රජුගෙන් ලැබෙන විශේෂ සැලකිල්ල.

රාජවරම

1. නා. රජකු සතු විශේෂ බලතල.
2. රජුගේ අවසරය.

රාජවශී

නා.ප්‍ර. උසස් අය අවනත කර ගැනීමට පොහොසත් මන්ත්‍ර ගුරුකම්.

රාජවස්තිය

නා. රජුගෙන් යසස් ලැබීම සඳහා ඔහු කෙරෙහි හැසිරිය යුතු ආචාරධර්ම පද්ධතිය.

රාජව්‍යාජය

නා. රජු මෙන් ඇගවීම ; රජුගේ වේශය ගැනීම.

රාජවිග්‍රහය

නා. රජුගෙන් ඇතිවන කරදර චෝදනා ආදිය.

රාජවිජිතය

නා. රජුගේ අණසක පවත්නා ප්‍රදේශය.

රාජවිභ්‍රමය

නා. රජුගේ ලීලාව ; විලාසය.

රාජවේසය

නා. රජකුට විශේෂ සවන් තු වූ ඇඳුම් පැලඳුමින් සැරසීමෙන් ඔහු ගන්නා උදාර විලාසය.

රාජවෛශ්‍යා

නා.ප්‍ර. රජුන් වසඟ කර ගැනීමේ බල සහිත ගුරුකමක්.

රාජශ්‍රීය

නා. රජ සැපත ; රාජ සම්පත්තිය.

රාජශාසනය

නා. රජුගේ නියෝගය ; රාජකීය අනුශාසනාව.

රාජශෘංගය

නා. රජුගේ ඡත්‍රය.

රාජසචිව

නා.ප්‍ර. රජුගේ කාර්යභාර්යය ඉටු කිරීම සඳහා සහාය වන නිලධාරියා.

රාජසන්තක

වි. රජුට අයත් ; රජුට හිමි.