සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1346
රාජසන්දේශය
1. නා. රජකු විසින් යවනු ලබන ලියවිල්ල.
2. රජකු වෙත යවනු ලබන ලියවිල්ල.
රාජසන්නස
නා. යම් වස්තුවක් පවරා දීමේ දී රජකු විසින් දෙනු ලබන ලේඛනය.
රාජසන්නාභය
නා. රජු යුද්ධයකට යාමේ දී අඳින ආරක්ෂක ඇඳුම.
රාජසභා සදයා
නා. රාජ සභාවේ ඇමතිවරයා ; රාජසභාවේ සාමාජිකයා.
රාජසම්පත්
නා.ප්‍ර. රජුට හිමි වස්තුව ; රජුගේ යස ඉසුරු.
රාජසම්මත
වි. රජුගේ අනුමැතිය ලත් ; රජු විසින් තීරණය කරන ලද.
රාජසම්මානය
නා. රජුගෙන් ලැබෙන ගෞරවය ; රජු විසින් ප්රදානය කරනු ලබන පදවි, ත්‍යාග ආදිය.
රාජස්ත්රිය
නා. රජුට අයත් ස්ත්‍රිය ; රාජවංශයට අයත් කාන්තාව ; රජ බිසොව.
රාජස්තෝත්රය
නා. රජකුගේ ගුණ වර්ණනා කිරීමේ හා ඔහුට ආශිර්වාද අරමුණින් ගෙතුණු ප්‍රබන්ධය.
රාජසූය
1. නා.ප්‍ර. රජකු කිරීම ; රාජාභිෂේකය.
2. අභිෂේකයෙ දී රජකු සිය යටත් රජුන් හා කරන යාග පූජාව.
රාජසේවය
නා. රජුන්ගේ මෙහෙවරෙහි යෙදීම ; රාජ උපස්ථානය.
රාජහංස
නා.ප්‍ර. හංස වර්ග අතරින්, රතු තුඩින් හා පාවලින් ද සුදුසු පෙඳවලින් හා පියාපත්වලින් ද යුත් ශ්‍රේෂ්ඨ වර්ගය.
රාජ්ජය
1. නා. රටක් පාලනය කරන දේශපාලන ඒකකය ; ජනරජය ; ආණ්ඩුව ; පාලන තන්ත්රය.
2. රට ; දේශය ; රජකුගේ පාලනය පවත්නා සීමාව.
3. පුරාණ ලංකාවේ රට බෙදීම අනුව, ඒ එක් එක් කොටස සඳහා භාවිත වුණු නාමය.
රාජ්පුට්
නා.ප්‍ර. වයඹ දිග ඉන්දියානු ප්රභවය ඇති ජන කොට්ඨාසයක්.
රාජ්‍ය
වි. රජුට අයත් ; රජයට සම්බන්ධ.
රාජ්‍ය ක්ෂේත්රය
නා. රජයේ බල සීමාව.
රාජ්‍ය තන්ත්රය
නා. රටක් පාලනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය.
රාජ්‍ය පනත
නා. රාජ්‍ය පාලනය සඳහා සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථාව ; මහජන පනත.
රාජ්‍ය පරිභෝගය
නා. රජුගේ නොහොත් රජයේ ප්‍රයෝජනය සඳහා යමක් භාවිතයට ගැනීම.
රාජ්‍ය ප්‍රතිපත්තිය
නා. රාජ්‍යයකට අයත් විවිධ කටයුතු සඳහා ඒ රජය දරන පැහැදිලි මතය.
රාජ්‍ය ප්‍රභූත්වය
නා. රාජ්‍යයෙහි ප්‍රධානත්වය ; නායකත්වය ; රජකම.
රාජ්‍ය ප්‍රාප්තිය
නා. රජකමට පැමිණීම ; සිංහාසනාරූඪ වීම.
රාජ්‍ය පාලනය
නා. රාජ්‍යයක කටයුතු මෙහෙයවීම ; ආණ්ඩු කිරීම.
රාජ්‍ය පිළිනපත
නා. මහ බැංකුවේ නොහොත් රාජ්‍ය බැංකුව මඟින් මුදල් ලබා ගැනීම සඳහා නිකුත් කරනු ලබන බිල්පත් විශේෂයක්.