සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1347
රාජ්‍ය භාගය
නා. හිමිකම් භාගය; අයිතිය වෙනුවෙන් ගෙවිය යුතු කොටස.
රාජ්‍ය භාරය
නා. රජය පිළිබඳ වගකීම.
රාජ්‍ය මන්ත්‍රණ සභාව
නා. රාජ්‍යයක් පාලනය කිරීම සඳහා නියෝජිතයන් රැස්වන සභාව.
රාජ්‍ය මන්ත්‍රී
නා.ප්‍ර. රාජ්‍යයක් පාලනය කිරීම සඳහා පැවැත්වෙන ආයතනයකට අයත් මහජන නියෝජිතයා ; රාජ්යසභිකයා.
රාජ්‍ය මූල්‍යය
නා. රජය සතු මුදල.
රාජ්‍ය ලේඛනාගාරය
නා. පුරාණ ලිපි ලේඛන ද ඇතුළු විවිධ ලිඛිත මුද්‍රිත ප්‍රකාශන රජය මගින් ආරක්ෂා කොට තබාගන්නා ආයතනය.
රාජ්‍ය ලෝභය
නා. රජකමට ඇති ආශාව ; රාජ්‍යය ලබා ගැන්මට ඇති ගිජුකම.
රාජ්‍ය වට්ටම
නා. වාණිජ බැංකු ආදියෙන් රජයට ලැබිය යුතු කොමිස් මුදල.
රාජ්‍ය වැය
නා. රජයේ අය-වැය ලේඛනයේ සඳහන් වැය පක්ෂය.
රාජ්‍ය විචාරණය
නා. රජකම් කිරීම ; රජකු රටක් පාලනය කිරීම.
රාජ්‍ය ශ්‍රී විභූතිය
නා. රාජ්‍ය ශ්රීයෙහි ආඪ්යභාවය.
රාජ්‍ය ශ්රීය
නා. රාජශ්‍රීය බ.
රාජ්‍ය සමය
නා. රජකු රාජ්‍යය කරන කාල සීමාව.
රාජ්‍ය සම්ප්රදාය
නා. රාජ්‍ය කටයුතු ඉටු කළ යුතු චාරිත්‍රානුකූල පිළිවෙළ.
රාජ්‍ය සමාව
නා. දඬුවම් නියම වූවකුට රජුගෙන් නොහොත් රජයෙන් ලැබෙන සමාව.
රාජ්‍ය සුරකුම් පත්
නා.ප්‍ර. රජය බැංකු මගින් මහජනයා වෙත නිකුත් කරන මුදල් ඉතුරු කිරීමේ පත්‍රිකා.
රාජ්‍ය සූත්‍රය
නා. රටක් පාලනය කිරීමේ ක්‍රම වේදය ; රාජ්‍ය පාලනය.
රාජ්‍ය සේවය
නා. රජයට අයත් කාර්යයක නියුක්ත ව සිටීම; රජයේ රැකියාව.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
නා. රජයේ උසස් නිලධාරින් පත් කිරීම, මාරු කිරීම හා විනයානුකූල කටයුතු භාරව සිටින මණ්ඩලය.
රාජ්යඅතිරික්තය
නා. රජයේ වියදමට වඩා වූ ආදායම් කොටස.
රාජ්යඅධිභාරය
නා. රජයේ සම්පූර්ණ ආදායම.
රාජ්යආගම
නා. රටක පාලන මණ්ඩලය විසින් නිල වශයෙන් පිළිගන්නා ලද ප්‍රධාන ආගම.
රාජ්යආඥාව
නා. රජුගේ නියෝගය.
රාජ්යඞ්ගය
නා. රාජ්ය්යක් සතු ව තිබිය යුතු අංග හතෙන් එකක්.