සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1348
රාජ්යචාරිකාව
නා. රජකු නොහොත් රාජ්ය ප්රධානයකු රට අභ්යන්තරයෙහි නොහොත් අන් රටවල කරන සංචාරය.
රාජ්යචුත
වි. රජකමෙන් පහ වූ.
රාජ්යටංකනය
නා. රාජ්යයකට අවශ්ය කාසි නිෂ්පාදනය කරන ආයතනය.
රාජ්යණය
නා. දේශීය සංවර්ධනාදී කටයුතු සඳහා රජයක් විසින් විදේශ රාජ්යවලින් ද අන්තර් ජාතික බැංකුවලින් ද දේශීය ධනායෝජකයින් මඟින් ද ණය වශයෙන් ලබා ගන්නා මුදල.
රාජ්යත්වය
1. නා. රජකුගේ තත්ත්වය ; භුපතිත්වය.
2. රාජ්යය නමැති ආයතනය.
රාජ්යය
1. නා. රජකුගේ පාලනයට යටත් ප්රදේශය ; රාජධානිය.
2. රටක ජනතාව විසින් තෝරා පත්කරන ලද ආණ්ඩුව ; රටක පාලන තන්ත්රය.
රාජ්යවරය
නා. රජය මඟින් දෙනු ලබන විශේෂ අවසරය.
රාජ්යාන්තරය
නා. රජකු රාජ්යයක් පාලනය කරන සමය.
රාජ්යානුශාසනය
නා. රජකම් කිරීම ; රටක් පාලනය කිරීම.
රාජ්යාභ්යුදය
රාජ්යාභිෂික්ත
වි. රාජ්යයෙහි අභිෂේක කළ ; රජකමට පත්.
රාජ්යෙශය
නා. රජයේ පරමාධිකාරය ; පරමාධිපත්යය.
රාජ්යෝදය
නා. රජ කරන කාලයේ ආරම්භය.
රාජාංගමය
නා. රාජ්ය කරණය පිළිබඳ ප්රධාන ලක්ෂණය.
රාජාගාරික
වි. රජගෙයි වසන.
රාජාඞ්ගණය
නා. රජ මාලිගයේ මිදුල ; රජ මිදුල.
රාජාඞ්ගනාව
නා. රාජ දේවිය ; බිසව.
රාජාඥාව
නා. රජකු විසින් පණවන ලද අණ ; රාජ නියෝගය ; රජුගේ නියමය.
රාජාණත්තිය
නා. රාජාඥාව.
රාජාණ්ඩුව
නා. රජකුගේ ආධිපත්යය මුල් කොට ඇති රජය හෙවත් ආණ්ඩුව.
රාජාතිරාජ
නා.ප්ර. රජුන්ගේ රජ.
රාජාධිකරණය
නා. උත්තරීතර විනිශ්චය මණ්ඩලය.
රාජාධිපත්යය
නා. රජුගේ අධිපති බව ; රජුගේ ප්රභූත්වය.
රාජාන්යයා
නා. රජුට සම්බන්ධ තැනැත්තා ; ක්ෂත්රියයා ; රජුගේ ඥාතියා.