සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1457
වර්ත
නා.ප්ර. නිතර නිතර පැවැත්ම ; සංසාරය.
වර්තන
වි. ආලෝක කිරණ ශබ්ද තරංග මෙන් ගමන් ගන්නා දිශාව වෙනස් කරන.
වර්තන අංකය
නා. පාරදෘශ්ය ද්රව්යයක් මගින් ආලෝක කිරණයක් වර්තනය කෙරෙන ප්රමාණය විස්තර කරන සංඛ්යාව.
වර්තන කෝණය
නා. වර්තනය වන ලක්ෂයේදී පෘෂ්ඨයට අඳින ලද අභිලම්භයටත් වර්තිත කිරණයටත් අතර කෝණය.
වර්තන නියමය
නා. එක් පාරදෘශ්ය ද්රව්යයක සිට වෙනත් පාරදෘශ්ය ද්රව්යයකට ආලෝකය ගමන් කරන විට පතන කිරණයත්, පතන ලක්ෂ්යයේ ඇති අභිලම්භයත් වර්තන කිරණයත් යන තුන එකම තලයක පිහිටන බවට ඇති මතය.
වර්තන ලක්ෂ්යය
නා. ආලෝක කිරණ ශබ්ද තරංග මෙන් හැරි යන ස්ථානය.
වර්තනය
නා. ආලෝක කිරණ ගමන් ගන්නා දිසාව වෙනස් කිරීම.
වර්තනාංකමානය
නා. වර්තන අංකය මැනීමේ උපකරණය.
වර්තනිය
නා. විදුලිය වැනි දෙයක් ගලා යන මාර්ගය ; ප්රවාහ මාර්ගය.
වර්තපාදික
වි. හිස් කබලක වරිති ළං ළංව පිහිටා ඒවායේ මැද පේළිය එකට ගෑවී තිබෙන.
වර්තම
නා.ප්ර. අමාරුව ; ශෝකය.
වර්තමාන
වත්මන් බ
වර්ත්ම
නා.ප්ර. ඇසිපිය ; ඇස් පිහාටු.
වර්ත්ය
වි. දුරු කළ යුතු ; වර්ජනීය.
වර්ත්යතාව
නා. පැවැත්වීමේ හැකියාව ; වර්තනයවීමේ හැකියාව.
වර්ති
වි. පවත්නා වූ; තිබෙන්නා වූ.
වර්තිකාව
1. නා. පහන් වැටිය.
2. වැටිය ; වැටිකූර.
3. චිත්ර ආදිය ඇඳීමට ගන්නා පින්සල ; තෙලිකූර.
වර්තිත
වි. වෙන මාර්ගයක් ගත් ; හැරී වෙන දිසාවකට ගිය.
වර්තිත කිරණය
නා. ගමන් මාර්ගය වෙනස් කොට වෙන දිසාවකට ගමන් ගත් කිරණ ; රශ්මි ධාරාව.
වර්තිය
1. නා. ගුළිය; වටකය; බේත් ගුළිය.
2. පැවැත්ම.
වර්තී
වි. පවතින ; තිබෙන.
වර්තුල
වි. වටකුරු ; ගෝලාකාර ; රවුම් ; වක්රාකාර.
වර්ධක
වි. වර්ධනය කරන ; වැඩීම ඇති කරන.
වර්ධක අංකුරය
නා. ප්රජනනය සඳහා යොදා ගන්නා පැළෑටි අංකුරය.