සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1458
වර්ධක ප්රචාරණය
නා. ශාකයක මුල්, කඳ, අංකුරවලින් පුනර්වර්ධනයට පත්ව බෝවීම.
වර්ධක ප්රජනනය
නා. අංකුර බද්ධ කිරීමෙන් අලිංගිකව බෝවීම.
වර්ධක ප්රරෝහය
නා. වර්ධක ප්රජනනය මගින් වැඩෙන අංකුරය.
වර්ධකය
නා. ශබ්ද තරංගාදියේ ප්රබලතාව වැඩිකරන පරිපථය.
වර්ධන ආවර්තනය
නා. වැඩීම ක්රමානුකූල ව නැවත නැවත සිදුවීම.
වර්ධන වලය
නා. ගසක කඳක් හරස් අතට කැපූ විට දක්නට ලැබෙන මුදු හෝ වළලු වැනි රේඛා රටාව.
වර්ධන වළලු
නා.බහු. ගසක අවුරුද්දක් තුළදී වර්ධනය වන කලාප හෙවත් මුදු ; වාර්ෂික වළලු.
වර්ධනය
1. නා. වැඩීම ; විශාල වීම ; ලොකුවීම.
2. දියුණුව ; වැඩි දියුණුව.
වර්ධමාන
වි. වර්ධනය වන ; වැඩෙන.
වර්ධමානකය
1. නා. බුදුරජුන්ගේ ශ්රී පාදයෙහි පිහිටි මංගල ලක්ෂණයක්.
2. භක්ති ගීත වර්ගයක්.
3. පුරාණ රාජාභිෂේක භාණ්ඩයක්.
වර්ධිත
වි. වඩන ලද ; වර්ධනය කළ.
වර්මය
නා. යුද ඇඳුම ; කවචය.
වර්මිත
වි. යුද ඇඳුමෙන් සැරසුණු ; සන්නාහ සන්නද්ධව.
වර්ෂ
1. නා.ප්ර. වසර ; අවුරුද්ද.
2. වර්ෂාව.
3. මහාද්වීපය (=ඉන්දියාව) ; භාරත වර්ෂය.
වර්ෂණ
වි. වැසි පවතින ; වසින.
වර්ෂණය
1. නා. වැස්ස ; වර්ෂාව.
2. හිම වැස්ස.
වර්ෂධරයා
නා. නපුංසකයා ; පණ්ඩකයා.
වර්ෂය
නා. පෘථිවියට සූර්යයා වටේ වරක් ගමන් කිරීමට ගතවන කාලය ; අවුරුද්ද ; වසර.
වර්ෂාපතනය
නා. වැසි වැටෙන ප්රමාණය.
වර්ෂාව
නා. වලාකුළුවලින් පොළොවට දිය බිඳු වශයෙන් වැටෙන ජලය ; වැස්ස.
වරා
1. නා.ප්ර. ඖෂධ වසයෙන් ගන්නා ශාකයක නාමය ; අර්කවෘක්ෂය ; වරාගහ.
2. අරළු පල හා එම රුක.
3. නෙල්ලි ගස හා එහි ගෙඩිය.
4. විෂ්ණු දෙවියා.
වි. වයසින් වැඩි ; තලත්තෑනි.
වරාංගනාව
නා. රූපශ්රීයෙන් යුත් කාන්තාව ; උතුම් කාන්තාව.
වරාටක
1. නා.ප්ර. නෙළුම් මලේ මැද පිහිටි කර්ණිකාව ; පියුම් කෙමිය.
2. කවඩි බෙල්ලා.
වරාය
නා. නැව් ආදී ජල යාත්රා පැමිණෙන, රඳවා තිබෙන තීර්ථය ; නැව්තොට.