සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1459

වරාශිකාව

නා. මොළයේ හා සුසුම්නාවේ තිබෙන බාහිර සිවිය ; මොළය වටා ඇති පටලය.

වරාසනය

නා. ජලය ලබාගෙන රඳවා ගන්නා භාජනය හෝ ස්ථානය.

වරාහ

1. නා.ප්‍ර. ඌරා ; සූකරයා.
2. විෂ්ණු දෙවියන්ගේ දශ අවතාරයන්ගෙන් එකක නාමය.

වරිග සම්මුතිය

(කථා.) නා. තම වරිගයේ සාමාජිකයන් අතර සිරිත් විරිත්, නීතිරීති ආදිය සම්බන්ධව ඇති කරගන්නා සම්මතය.

වරිගක්කාරයා

1. නා. උසස් කුලවතා ; වංශක්කාරයා.
2. (කථා.) නෑයා ; ඥාතියා.

වරිගනීතිය

නා. ඥාති කණ්ඩායම් අතර සිරිත් විරිත් හා පාලනය පිළිබඳව පනවා ගෙන ඇති නීතිය.

වරිගපොත

(පාරිභා.) නා. ගව හෝ ඌරු යන සතුන්ගේ වර්ග ඇතුළු පැටිකිරිය ඇතුළත් ග්‍රන්ථය.

වරිගය

නා. කුලයක ගණ කීපයකින් සෑදුණු කණ්ඩායම ; ජන සමූහය ; පෙළපත.

වරිගසභාව

නා. වරිග සාමාජිකයන් අතර ගැටුම් විනිශ්චය කරන පැරණි අධිකරණ මණ්ඩල විශේෂයක්.

වරිච්චිය

නා. බිත්ති බැඳීමේදී මැටි පිඬු රඳා සිටීම පිණිස බිත්තියේ පමණට ලී ක සිටුවා හරස් අතට රිටි බැඳ සාදන සැකිල්ල.

වරිත්

නා.ප්‍ර. වැළකිය යුතු වැරදි දේ ; විරිත්.

වරිත්ත

(පාරිභා.) නා. සත්ව අවයවයක අභ්‍යන්තරික ආධාරකයක් ලෙස තිබෙන තන්තුමය පටක විශේෂයක් ; ජාලයෝගී අස්ථිය.

වරිත්තම

(කථා.) නා. හිරිහැරය ; කරදරය.

වරිනවා

ක්‍රි. පහ කරනවා ; උපුටා දමනවා ; උදුරනවා.

වරින්වර

ක්‍රි.වි. සැරෙන් සැරේ ; විටින් විට ; කලින්කල.

වරිපණම්

(පාරිභා.) නා.ප්‍ර. දේපළක වටිනාකම තක්සේරු කොට ඒ අනුව ප්‍රාදේශික පාලන සභාවක් මඟින් අය කරන බද්ද.

වරිය

(කථා.) නා. 1. මැණික් ගලක පෙනෙන ඉරි.
2. වරකට සෑහෙන ගල් ගඩොල් ආදිය ; ගල්වරිය.
3. වලිගය.
4. හවරිය.

වරු

1. නා.ප්‍ර. වරුව ; දවසෙන් භාගය.
2. වාරය ; මුරය.
3. කුඹුර.
4. ගොඩ ; රැස.
වි. (කථා.) 1. ජලය පිළිබඳ.
2. ඵලදායී බවෙන් අඩු.
3. බරපතල ; අමාරු.

වරු ඇගිටි

නා.ප්‍ර. ගොයම් කැපූ පසු ඉපනැල්ලට වතුර වැටීමෙන් සෑදෙන කිරි ගොයමින් පැහෙන රසයෙන් අඩු වී ; භාගයක් ඇට පිරුණු වී.

වරු කරනවා

ක්‍රි. කාටුව ඉවත් කිරීමට කුල්ලකින් හුළං ගහනවා.

වරු ගහනවා

ක්‍රි. (කමත්.) ගොඩ ගහනවා ; එකතු කරනවා.

වරු තට්ටුව

නා. වී අටුවේ උඩ පියස්ස.

වරු දකිනවා

(කථා.) ක්‍රි. කමතේදී ගොයම් පැළවෙනවා.

වරුණ

1. නා.ප්‍ර. බස්නාහිර දිශාව.
2. බටහිර දිශාවට අධිපති දෙවියා.
3. වැසි වළාහක දෙවියා ; ලොවට වර්ෂාව දෙන දෙවියා.
5. වර්ණනාව.
6. ලුණු වරණ.