සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1456
වර්ණක කැටිත්ත
නා. කුඩා පාට කැටිය ; වර්ණකාරක ස්ඵටිකය.
වර්ණක බින්දුව
නා. සෛලයක ඇතුළත්ව පවත්නා වර්ණ ලපය.
වර්ණකමෘත්තිකා
නා.ප්ර. සායම් කිරිම සඳහා භාවිත කරන මැටි.
වර්ණකය
නා. සත්ව හා ශාක සෛලවල පැහැය ඇති කරන ද්රව්යය.
වර්ණකර
වි. වර්ණ සහිත ; වර්ණ ගල්වන ලද.
වර්ණකසිණය
නා. නීල පිතාදී වර්ණයන් උපයෝගී කරගෙන සාදාගන්නා කසිණ භාවනාව.
වර්ණකාරකය
නා. පාට ඇති කරන ද්රව්යය.
වර්ණදේහය
නා. ජීවීන්ගේ සහජ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන ජාන නම් වූ ඒකකවලින් බැඳුණු සජීව සෛල කොටසක්.
වර්ණනය
1. නා. පාට කිරීම ; වර්ණ දැමීම.
2. වර්ණනාව.
වර්ණනාව
නා. සිත් ගන්නා ආකාරයට විස්තර කිරීම ; ගුණ කථනය.
වර්ණපටය
නා. දේදුත්තෙහි ඇති රතු, රඹ, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ ; දම් යන පාට සමූහය.
වර්ණමිතිය
නා. කිසියම් පාටක තත්ත්වය මැනීම.
වර්ණය
1. නා. පාට ; පැහැය.
2. ලපය ; කැළල.
3. භාෂාවක ශබ්දයක් ප්රකාශ කිරීමට යොදන ලකුණ.
4. වංශය ; ජාතිය.
5. යම්කිසි දෙයක පවත්නා විශේෂ ගුණය.
6. යම් පුද්ගලයෙකු හෝ දෙයක් පිළිබඳව කරන වර්ණනාව ; ස්තුතිය.
7. ක්රීඩා පිළිබඳ දක්ෂතා සඳහා සම්මාන වශයෙන් ලබන සලකුණ ; පටිය හෝ ඇඳුම.
වර්ණා(ණ)ලෝපය
නා. සන්ධිවීම ආදී ව්යාකරණ සිද්ධිවලදී වචනයක මුල, මැද, අග ඇති අක්ෂර ඉවත් වීම ; අක්ෂරලෝපය.
වර්ණාංශුව
[වර්ණ + අංශුව]
නා. සෛල න්යෂ්ටියේ තිබෙන ක්රොමටින්වලින් සෑදුණු දණ්ඩක් වැනි කැබලිවලින් එකක්.
වර්ණාගමය
(ව්යාක.) නා. ව්යාකරණ විධි අනුව පද දෙකක් සන්ධි කිරීමේදී අමුතුවෙන් අකුරක් පැමිණීම.
වර්ණාද්ග්රහණය
[වර්ණ + උද්ග්රහණ]
නා. කසිණ භාවනාවේදී පැහැය නිමිති වශයෙන් ගැනීම.
වර්ණානුප්රාසය
නා. එක ළඟ පිහිටි පද කීපයක් සමාන අක්ෂරයකින් පටන් ගැනීම.
වර්ණායතන
[වර්ණ + ආයතන]
1. නා. ඇසට ගොදුරු වන රූප, වර්ණ, පාට ; ආලම්බනයක් ලෙස සැලකෙන වර්ණ ; කසින භාවනාවට ගන්නා නීලාදී වර්ණ.
වර්ණාලේප
[වර්ණ + ආලේප]
නා.ප්ර. ආලේප කරන තීන්ත ; සායම්.
වර්ණාවලිය
[වර්ණ + ආවලිය]
නා. ප්රිස්මයකින් සෑදෙන වර්ණමාලාව ; තරංග ආයාමය අනුව පිහිටි එවැනි විකිරණ මාලාව.
වර්ණාවලී දර්ශකය
නා. වර්ණාවලිමානයකින් දර්ශනය කරන සටහන.
වර්ණාශ්රම ධර්මය
නා. පුරාණ භාරතයේ හින්දුන් විසින් වර්ණභේදය අනුව ඇති කරගත් බ්රහ්මචාරී, ගෘහස්ථ, වානප්රස්ථ, සන්යාසි යන ආශ්රම ධර්ම සතර.
වර්ණිත
වි. වර්ණනා කරන ලද ; විස්තර කරන ලද.