සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1455
වර්ණ අභිප්‍රේතය
නා. වර්ණවලට ඇති වැඩි කැමැත්ත.
වර්ණ ආවර්ණය
නා. වර්ණවල ප්‍රතිඵලය.
වර්ණ ඖචිත්‍යය
නා. අක්ෂර යෙදීමේ උචිතබව.
වර්ණ කථනය
නා. ගුණ කීම ; වර්ණනා කිරීම.
වර්ණ ඡන්දස
නා.ප්‍ර. අක්ෂර සංඛ්‍යාව මත පිහිටා විවිධ විරිත් සකසා ගැනීමේ ක්‍රමය.
වර්ණ දර්ශකය
1. නා. රුධිර පරීක්ෂාවේදී එහි පැහැය අනුව තත්ත්වය තීරණය කිරීමට යොදා ගන්නා දර්ශකවලින් එකක්.
2. වීජ ගණිතයෙහි දර්ශකයක් ලෙස යොදන අකුර හෙවත් සංකේතය.
වර්ණ දශකය
නා. මනුෂ්‍යයකුගේ පරමායුෂ අවුරුදු සියයක් සේ සලකා එය දශක වලට බෙදූ විට එන තුන්වන දශකය ; අවුරුදු 20-30 අතර දශකය.
වර්ණ දේහාංශය
නා. ඌනන ව විභාජනයේදී ද්විසංයුජ වර්ණාංශුව දික් අතට හතරට පැළීමෙන් සෑදෙන කෙඳිවලින් එකක්.
වර්ණ ධරය
නා. හරිතප්රද වැනි වර්ණකයන් අඩංගු ලවය ; සෛලයක ඇති වර්ණ සහිත ප්‍රදේශය ; වර්ණ ලවය.
වර්ණ ධර්මය
1. නා. අකුරුවලට විශේෂ වූ ස්වභාවය.
2. කුලවාදය ; කුලභේදය.
වර්ණ පෙරහන
නා.ප්‍ර. වර්ණයක් පෙරීමට ගන්නා ජෙලටින්වලින් තනන ලද උපකරණය.
වර්ණ පොරොන්දම
නා. විවාහ පොරොන්දම් පරීක්ෂණයේ දී ස්ත්‍රීපුරුෂ නැකැත්වලට අයිති බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය, ශුද්‍ර, පඤ්චම හා සංකර යන වර්ණවල සුදුසු නුසුදුසුබව දක්වන පොරොන්දම.
වර්ණ භේදය
1. නා. පාටවල වෙනස.
2. සුදු කළු වශයෙන් ජාතීන්ගේ වෙනස.
3. කුලභේදය.
වර්ණ මාත්සර්‍ය්‍යය
නා. වර්ණය හේතුකොට ගෙන ඇති වන මසුරුබව.
වර්ණ මානය
නා. වර්ණයක පැහැය, දීප්තිය මනින උපකරණය.
වර්ණ මාලාව
නා. භාෂාවක ඇති අක්ෂර මාලාව.
වර්ණ රේණු
නා.ප්‍ර. රජෝ බීජය හා ශුක්‍රාණුව මිශ්‍ර වීමෙන් බීජාණුවේ ඇති අන්තරස්කන්ධයේ ඇති වර්ණ රජස් බෙදී යන සියුම් කොටස්.
වර්ණ විකාරය
1. නා. පැහැය වෙනස් වීම ; පාට වෙනස් වීම.
2. සිංහල හෝඩියේ ඇති අක්ෂරවල වෙනස්වීම ; අක්ෂර විපර්යාසය.
වර්ණ විද්‍යාව
1. නා. පාට පිළිබඳ උගන්වන ශාස්ත්‍රය.
2. අක්ෂර පිළිබඳ ශාස්ත්‍රය.
වර්ණ සංකේතය
1. නා. පාටකින් හඳුන්වන සලකුණ.
2. අකුරක මුල් සලකුණ ; ක්, ත් ආදී මූලික රූපය.
වර්ණ සංගුණකය
(පාරිභා.) නා. වීජගණිත රාශියක සංගුණකය වශයෙන් යෙදෙන අකුරු.
වර්ණ සංහාරය
නා. පාට මිශ්‍රණය ; වර්ණ කැටි කිරීම.
වර්ණ සූත්‍රිකා
නා.බහු. (ජීව.) සෛලයක න්‍යෂ්ටි ජාලය සෑදී තිබෙන කෙඳිවල සමස්තය.
වර්ණ සෞන්දර්යය
නා. රූපයෙහි සුන්දරත්වය ; ශරීර පැහැයේ සොඳුරු බව.