සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1666

සංරසිත

වි. මිශ්‍ර ලෝහයකින් යුතු.

සංරසීකරණය

(පාරිභා.) නා.රිදී සහ රන් නිස්සාරණය කිරීමේ ක්‍රියාවලිය.

සංරුද්ධ

(පාරිභා.) වි. සතකුගේ මූණක් වැනි තොල් දෙකකින් යුතු මුකුටයක් ඇති.
2. බලපෑමෙන් යුතු ; සීමා කරන ලද.

සංරුද්ධ චලිතය

(පාරිභා.) නා. යම්කිසිවක බලපෑමෙන් සිදුවන චලනය.

සංරූපතාව

නා. සමානකම ; අනුකූලතාව.

සංරූපනය

නා. හැඩහුරුකම ; ආකෘතිය.

සංරූප්‍ය

(පාරිභා.) වි. අනුකූල ; සමාන.

සංරෝධය

නා. වැළැක්වීම ; ඇවිරීම.

සංරෝහණය

නා. සමනය වීම ; සුවය.

සංලක්ෂණය

නා. හඳුනා ගැනීම ; සලකුණු කිරීම.

සංලක්ෂ්‍යය

නා. විශේෂ සලකුණ ; සැලකිය යුතු දෙය.

සංලග්න

වි. ඇලුණු ; එක්වුණු ; එකට බැඳුණු.
නා.ප්‍ර. එකට ඇලීම.

සංලග්නනය

(පාරිභා.) නා. අවලම්බිත කුඩා අංශු එකට ඇලී බොහෝවිට අවක්ෂේප වන විශාල අංශු බවට පත්වීම.

සංලාපය

නා. එක් ව කථා කිරීම ; සුහද කථාව.

සංලිප්ත

වි. ආලේප කරන ලද ; තවරන ලද.

සංවච්ඡරික

වි. සංවත්සරය පිළිබඳ වූ ; අවුරුද්ද හා සම්බන්ධ.

සංවච්ඡරික නායක

නා.ප්‍ර. සිංහල රාජ්‍ය සමයෙහි අවුරුද්දේ දින සටහන් කටයුතු කළ නිලධාරියා.

සංවට්ට ප්‍රලය

නා.ප්‍ර. කල්ප විනාශය ; ලෝක විනාශය සිදුවන කාලය.

සංවට්ට විවට්ටය

නා. ලෝකය විනාශවීම හා නැවත හට ගැනීම.

සංවට්ටය

නා. ලෝක විනාශය සිදුවන කාලසීමාව ; සංවර්තන කල්පය.

සංවත්සර

වි. අවුරුද්දක් පිරෙන ; වර්ෂ පූර්ණ ; වර්ෂයක් පිළිබඳ.

සංවත්සරය

නා. අවුරුද්ද වසර ; වර්ෂය.

සංවතා පහණ

නා. පුරාණ ලංකාවේ රාජ නියෝග කොටා ඇති ශිලා ලේඛන විශේෂයක්.

සංවර ශීලය

නා. සත්ත්ව ඝාතන ආදියෙන් වැළැක්ම පිණිස ඇති කරගන්නා හික්මීම.