සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1665
සංයෝජන ධර්ම
නා.ප්ර.බහු. සත්ත්වයන් සංසාරයට බැඳ තබන අකුසල්.
සංයෝජන ධාරිතාව
නා. මූල ද්රව්යයක එක් පරමාණුවක් සමග සංයෝජනය වන හයිඩ්රජන් පරමාණු සංඛ්යාව ; සංයුජතාව.
සංයෝජන මධ්යස්ථාන
නා.බහු. මස්තිෂ්කයේ ක්රියාකාරී මධ්යස්ථාන විශේෂයක්.
සංයෝජන සංඛ්යාව
නා. (ගණිත.) සාධකවලින් සම්බන්ධ වූ ගණන.
සංයෝජන සීමා
නා.බහු. මස්තිෂ්ක බාහිකයට අයත් කොටස් විශේෂයක්.
සංයෝජනය
1. නා. බැඳීම ; සත්ත්වයන් සසරට බැඳ තබන රැහැන්.
2. සක්කායදිට්ඨි, විචිකිච්ඡා ආදි දශ වැදෑරුම් ක්ලේශ බන්ධන ; එක්වීම ; එකට මිශ්ර වීම ; අලුත් ද්රව්යයක් හෝ කිහිපයක් එකට මිශ්රවීම.
සංයෝජනවාදය
(පාරිභා.) නා. සිදුවීමක් විය හැකි ආකාරය හෝ ද්රව්ය කිහිපයක් මිශ්ර විය හැකි ආකාරය විස්තර කළ හැකි ගණිතමය සංකල්පයක්.
සංයෝජනික
වි. එකට සම්බන්ධ වූ ; මිශ්ර වූ.
සංයෝජනීය
1. වි. සත්ත්වයා සංසාරයට බැඳ තබන.
2. මිශ්ර කළ හැකි.
සංයෝජිත ප්රස්තාරය
(පාරිභා.) නා. ශ්රීත දෙකක් හෝ කිහිපයක් හෝ කිසියම් ගණිත කර්මයකින් ලබාගන්නා ප්රස්තාරය.
සංයෝජිත සමීකරණය
(පාරිභා.) නා. කිසියම් ගණිතමය සමීකරණ දෙකක් හෝ කිහිපයක් තවත් කිසියම් ගණිත කර්මයක් මගින් සම්බන්ධ කිරීමෙන් ලබාගත් තනි සමීකරණය.
සංයෝජිතයෝ
නා.බහු. අන් වෙළඳ සමාගම් සමග හවුලක් බවට පත් වන වෙළඳ සමාගම්.
සංරක්ත
1. වි. මනාව රත් වූ.
2. ඇලුණු ; බැඳුණු.
සංරක්ෂක
වි. මනා ව රකින.
සංරක්ෂකයා
නා. මැනවින් රකින්නා.
සංරක්ෂණ
වි. මනා සේ රකින ; සුරකින.
සංරක්ෂණය
1. නා. මනා ව රැක ගැනීම ; මැනවින් ආරක්ෂා කිරීම.
2. සුරක්ෂිත බව.
සංරක්ෂිත
වි. මනා සේ රක්නා ලද.
සංරචක
වි. යමකට අඩංගු ; යමක් නිර්මිතවීම සඳහා දායක වුණු.
සංරචකය
නා. යමක් සෑදී ඇති මූලික අංගවලින් එකක්.
සංරචනය
නා. නිර්මාණය කිරීම; රචනා ක්රමය.
සංරද්ධභාවය
නා. එකිනෙක හා තදින් බැඳුණ බව.
සංරම්භය
1. නා. තරහව ; ක්රෝධය ; වියරුව.
2. දැවිල්ල ; ඉදිමුම.
3. කැළඹීම.
සංරසය
(පාරිභා.) නා. රසදිය මිශ්රණය.