සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1664
සංයුජනය
(පාරිභා.) නා. අවයවයක මහත් වූ කොටස් දෙකක් යා කරන කර ; ග්රීවිකාව.
සංයුඤ්ජනය
(පාරිභා.) නා. සංයෝජනය ; සම්බන්ධය.
සංයුත
(පාරිභා.) වි. පැහැදිලි කොටස් කීපයකින් සෑදුණු.
සංයුතිය
(පාරිභා.) නා. යම් දෙයක ඇතුළත් ව ඇති සංයෝගත් ඒවායේ අනුපාතයත් පිළිබඳ විස්තරය ; සැකසුම.
සංයෝග න්‍යාය
නා.ප්‍ර. ගණිතමය තර්ක ශාස්ත්රයේ ශාඛාවක නාමය.
සංයෝග නියමය
නා.ප්‍ර. සංයෝජන කිරීමේ මූලධර්මය ; සිද්ධාන්තය.
සංයෝග පරමාණුව
නා. මූල ද්‍රව්‍යවල පරමාණු සංයෝජනය වීමෙන් සෑදෙන පරමාණු විශේෂය.
සංයෝග භාජ්‍ය යෝගය
(පාරිභා.) නා. අනුපාත දෙකක් ගණිත කර්මයකින් සංයෝජනය කිරීමෙන් ලැබෙන අනුපාතය.
සංයෝග විෂය
නා.ප්‍ර. එක්වීමේ අවස්ථාව ; බැඳුණු අවස්ථාව.
සංයෝග සන්නිකර්ෂය
නා. ඉන්ද්රිය හා අරමුණු එකට ගැටීම.
සංයෝග සම්බන්ධය
1. නා. ද්‍රව්‍ය දෙකක් අතර ඇති වන එක් වීම.
2. (ව්‍යාක.) කර්මය හා ක්‍රියාව අතර සම්බන්ධය.
සංයෝගජ
නා.ප්‍ර. සංයෝගයෙන් හටගන්නා වෙනත් සංයෝගය.
සංයෝගය
1. නා. එකට එක්වීම ; එකට බැඳීම ; මිශ්‍ර වීම.
2. මිශ්‍රණය.
3. (ජ්‍යෝති.) ග්‍රහයන් බහු සංඛ්‍යාවක් එක් රාශියක සිටීම.
සංයෝගාණුව
නා. සංයෝජනය වීමෙන් සෑදෙන අක්‍රිය බීජාණුවක්.
සංයෝගාභිනිවේශය
නා. කාම සංයෝග ආදි කෙලෙසුන් කෙරෙහි ඇලීම.
සංයෝගාර්ථය
නා. සසර පැවැත්ම පිළිබඳ දුකෙහි යොදවන යන අදහස.
සංයෝගික
වි. (ව්‍යාක.) එකට සම්බන්ධ වූ ; ඒකාබද්ධ.
සංයෝජක
වි. එකට සම්බන්ධ කරන.
සංයෝජක පරිමා නියමය
නා. වායු අතර ප්‍රතික්‍රියා ඇතිවීමේ දී පරමාණු අතර සරල සම්බන්ධතා පවතින බව පැවසෙන සිද්ධාන්තය.
සංයෝජන
නා.ප්‍ර. සසර දුකින් මිදෙන්නට නොදී සත්ත්වයන් සසර බැඳ තබන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ආදි දස වැදෑරුම් ක්ලේශ බන්ධන.
සංයෝජන ක්ෂය
නා.ප්‍ර. සත්ත්වයන් සංසාරයට බැඳ තබන පාපධර්ම නැති කිරීම.
සංයෝජන කෘත්‍යය
නා. සත්ත්වයන් සංසාරයට බැඳ තැබීමේ කාර්යය.
සංයෝජන ගොච්ඡකය
නා. සත්ත්වයා සසරට බැඳ තබන සංයෝජන සමූහය ; පාප ධර්ම පොකුර.
සංයෝජන තන්තුව
(පාරිභා.) නා. සුෂුම්නාව හා සම්බන්ධ ඉතා සියුම් කෙඳි විශේෂයක්.