සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1663
සංභූතිය
නා. ශරීරය තුළ දී ඇට, කාටිලේජ, බන්ධනී ආදිය හාවීම.
සංභෝගකාය
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේට ඇතැයි මහායානිකයන් සලකන කායත්රයයෙන් එකක් ; එනම් මාංශමය ශරීරය.
සංමස්තිෂ්කය
නා. සන්ධිපාදිකයන්ගේ ප්‍රාථමික මස්තිෂ්ක ගැංග්ලියම සමඟ උදරීය ගැංග්ලියම් සංයෝජනය වීමෙන් සෑදුණු මස්තිෂ්කය.
සංමිඤ්ජන
නා.ප්‍ර. හැකිළවීම ; නැමීම ; වකුටු කිරීම.
සංමිතාකාර
වි. පරිමාණානුකූලව ගැළපෙන අංගෝපාංග ඇති.
සංමෝහ
වි. සිහිසන් නොමැති ; සිහිමුළා.
සංයත
වි. හික්මවන ලද ; දමනය කරන ලද ; සංයමයට පත් ; සංවර වූ.
සංයමය
1. නා. හික්මවීම ; සංවරය ; දාන්තබව ; සන්සුන් බව ; ශික්ෂණය.
2. සිතෙහි එකඟකම ; ධාරණ, ධ්‍යාන, සමාධි යන තුන් කරුණු එක් අරමුණක පිහිටුවීම.
සංයුක්ත
1. වි. උපාංග ගණනකින් සකස් වූ ; වෙන් වෙන් කොටස් කීපයකින් සැකසුණු ; සංයෝග වූ ; සංහත.
2. මුළුමනින් ඒකාබද්ධ වූ.
3. අඩංගු ; යුක්ත ; ගැවසි ; අන්තර්ගත ; එකට පෑහුණු.
4. එකමුතු
5. ඉන්ද්රිය ගෝචර ; සංස්කාරමය.
සංයුක්ත අවලම්බය
(පාරිභා.) නා. අචල තිරස් අක්ෂයක පරිභ්‍රමණය වෙමින් ගුරුත්වාකර්ෂණ ක්‍රියාකාරිත්වය යටතේ සමතුලිතබව තබා ගැන්මෙහි සමත් වස්තුව.
සංයුක්ත නිකාය
නා. සූත්‍ර පිටකයට ඇතුළත් නිකාය ග්රන්ථ පහෙන් එකක්.
සංයුක්ත පරිචර්මය
(පාරිභා.) නා. මාරුවෙන් මාරුවට පිහිටි වල්කවලින් ද, මළ බාහික හෝ මළ ප්ලෝයම තට්ටුවලින් ද යුතු බාහිර වැස්මක්.
සංයුක්ත ඵලය
(පාරිභා.) නා. ආසන්න ව පිහිටි මල් සමූහයකින් ඇති වුණු කුඩා ගෙඩි රාශියක් එකක් මෙන් එකතු වී සෑදුණු ගෙඩිය.
සංයුක්ත භග්නය
(පාරිභා.) නා. බිඳුණු ඇටය දක්වා විවර වුණු තුවාලයක් සහිත ඇට බිඳුම.
සංයුක්ත භාගය
(පාරිභා.) නා. ලවය හෝ හරය වශයෙන් භාගයක් ඇති භාගය.
සංයුක්ත මංජරිය
(පාරිභා.) නා. එක ම වෘත්තය ඒකාක්ෂ හෝ බහු අක්ෂ හෝ වශයෙන් බොහෝ මල් අඩංගු මල්කැන.
සංයුක්ත රාජ්‍යය
නා. අභ්‍යන්තර පාලනය _ සඳහා පමණක් සම්පූර්ණ ස්වාධීනත්වය ඇති රාජ්‍ය සමූහයක් එක්වීමෙන් සෑදුණු රාජ්‍යය.
සංයුක්ත ස්කන්ධ සමාගම
(පාරිභා.) නා. ව්‍යාපාර වස්තු, කොටස්, පොදු අරමුදලක් ආදි වශයෙන් සැකසුණු ප්රාග්ධනය සහිත වාණිජ සංගමය.
සංයුක්තය
1. නා. සංයෝගය ; මිශ්‍රණය ; එක්වීම.
2. අංගය; උපාංගය ; අන්තර්ගතය.
3. සංඛ්‍යාවක ඇති ඉලක්කම් හැකි සෑම අයුරකින්ම මාරුකර යෙදීම.
4. සමූහ රාජ්‍යය ; රාජ්‍ය සංගමය.
සංයුක්තාක්ෂර
නා.ප්‍ර. එකට බැඳ ලියන ලද ව්යඤ්ජනාක්ෂර ; බැඳි අකුරු.
සංයුක්තාණුව
(පාරිභා.) නා. සංජන්මාණු දෙකක් සංයෝජනය වීමෙන් සෑදෙන දේහය.
සංයුක්තිය
(පාරිභා.) නා. 1. ද්‍රව්‍යමය හෝ තථ්‍යරූපී වස්තුවක් සමග සංයෝගය.
2. ජන්මාණු සංයෝජනයවීම.
3. සකස් වීම; සංයෝජනය.
සංයුග්මනය
(පාරිභා.) නා. ජන්මාණු දෙකක් හෝ ජීවීන් දෙදෙනකු එකතුව සංයුක්තාණුවක් සෑදීම සඳහා පෑහීම මාර්ගයෙන් කරන ලිංගික ප්‍රජනනය.
සංයුජතාව
(පාරිභා.) නා. හයිඩ්රජන් පරමාණුවකට හෝ ඊට සමාන වෙන යමකට හෝ අනුව, පරමාණුවක කාණ්ඩයක සංයෝජනයවීමේ බලය.