සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1662

සංප්‍රශ්න

නා.ප්‍ර. ඉගෙනීමේ ආශාවෙන් ප්‍රශ්න කිරීම.

සංප්‍රසාරණය

නා. උච්චාරණයේ දී හා ලේඛනයේ දී එක් ශබ්දයක් හෝ රූපයක් ආසන්න වෙන ශබ්දයකට හෝ රූපයකට හැරවීම ; ය, ව, ර, ල යන අකුරු පදසිද්ධියේ දී ඉ, උ, සෘ, ඏ යන අකුරුවලට හැරවීම.

සංප්‍රේෂකත්වය

නා. යැවිය හැකි හෝ ප්‍රේෂණය කළ හැකි බව.

සංප්‍රේෂකය

නා. (ශබ්ද, විදුලි තරංගාදිය) විකාශනය කරන යන්ත්‍රය.

සංප්‍රේෂණය

නා. යැවීම ; ප්‍රේෂණය ; විකාශනය.

සංපාතය

නා. එක්වර එක් වේලාවේ සිදු වීම ; හැඩයෙන් හරියට ම සමාන වීම ; එකට ගැළපීම.

සංපාපනාව

නා. ජනයා පිළිකුල් කරන ස්වභාවයට පැමිණවීම.

සංපාර්වය

නා. අස්ථි අතර ඇති අචල සන්ධානයක්.

සංපිණ්ඩිත

වි. එක් කැටියක් බවට පත් ; පිඬු වුණු.

සංපීඩකය

නා. වායුව (හෝ වෙනත් දෙයක්) තෙරපන උපකරණය.

සංපීඩන පොම්පය

නා. වායු සම්පීඩනයෙන් ක්‍රියා කරන පොම්පය.

සංපීඩනය

(පාරිභා.) නා. තෙරපීම ; තද කිරීම ; තෙරපීමෙන් පරිමාව අඩු කිරීම ; කැටි කිරීම.

සංපීඩ්‍ය

වි. සම්පීඩනය කරනු ලැබීමට හැකි හෝ යෝග්‍ය.

සංපීඩ්‍ය වාතය

(පාරිභා.) නා. තෙරපිය හැකි හෝ සංපීඩනය කරනු ලැබිය හැකි වාතය.

සංපීඩ්‍යතාව

නා. සංපීඩනය කළ හැකි බව.

සංපුටික

නා.ප්‍ර. ශාක පත්‍ර ආකෘති ප්‍රභේදයක් ; සෑම පැත්තකට ම නැමී ඇති පත්‍රය.

සංපූජිත

වි. ඉතා හොඳින් පුදන ලද හෙවත් සංග්‍රහ කරන ලද.

සංපූර්ව

වි. “සං” යන උපසර්ගය පෙරටු කොට ඇති.

සංපෘක්ත

(පාරිභා.) වි. 1. හොඳ හැටි මිශ්‍ර කළ ; මිශ්‍ර වූ.
2. හොඳ හැටි පෙඟ වූ හෙවත් පෙඟුණු.

සංපෝෂිත

වි. හොඳින් පෝෂණය කරන ලද ; නඩත්තු කරන ලද.

සංඵුසිත

වි. මනා සේ ස්පර්ශ කරන ලද.

සංබද්ධ

වි. කොටස්, අංශ කීපයක් එක්ව බැඳුණු.

සංබීජ පත්‍රතාව

(පාරිභා.) නා. සංයෝජන වූ බීජ පත්‍ර වලින් සමන්විත වීම ; සංකෝලිතාව.

සංබීජාණුධානිය

(පාරිභා.) නා. බ්‍රයෝනිටාවල බීජාණු දරා සිටින ශාකය.