සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1661
සංදර්ශක
නා.ප්‍ර. නැරඹිය යුතු දෑ විස්තර කරමින් මග පෙන්වන නිලධාරියා.
සංදර්ශනය
1. නා. මනා කොට නිරූපණය කර දැක්වීම ; ප්‍රදර්ශනය කර පෙන්වීම.
2. මෝස්තරය ; සැලැස්ම ; ආදර්ශ චිත්‍රය.
සංදහ්යමාන
වි. වෙසෙසින් දහනය වන ; නිරවශේෂ කොට පිළිස්සෙන.
සංදාමය
නා. ශ්‍රී ලංකාව/රටක් ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින කේබලය ; යවදිය කේබලය.
සංදාමික
නා. පරිගණකයෙහි වෙන් වෙන්ව ඇති මූලයන් කිහිපයක් තනි එකක් ලෙස එක් කිරීම.
සංදිග්ධ
වි. ව්‍යාකූල අරුතින් යුතු ; සැගවුණු, පැටලුණු අර්ථ ඇති ; විවිධ අර්ථ කථනයට භාජන කළ හැකි.
සංදීප්ත
වි. බැබළෙන ; දීප්තිය හෝ ආලෝකය ඇති ; දැල්වෙන.
සංදීප්තිධර
වි. ආලෝකය දරන ; ආලෝකය නිකුත් කරන හෝ ගෙන යන.
සංදීප්තිය
නා. දැඩි උෂ්ණත්වයෙන් තොර ව ආලෝකය නිකුත් කිරීම.
සංදේහ
නා. සැකය ; කුකුස.
සංදේහවාදය
1. නා. යථාර්ථ සත්‍යය මනුෂ්‍ය ඥානයට අවිෂයැයි ඇදහීම.
2. දෙවියකු ඇතැයි හෝ සොබාදහමට ඔබ්බෙන් යමක් ඇතැයි සැක කිරීම.
සංධරය
නා. කොටස් කීපයක් එකට යාකර තබන උපකරණය හෝ ද්‍රව්‍යය ; කීලකය ; කලම්පය.
සංධාන
වි. එකට එක් කරන ; හමු කරවන.
සංධාන කාරකය
නා. එකට එක් කරන දෙය හෝ උපකරණය.
සංධානය
නා. ගැලපීම ; පූට්ටු කිරීම ; යා කිරීම.
සංධානලේඛනය
නා. ගණන් සසඳා බලා සපයන වාර්තාව.
සංධාරක
වි. දරා සිටින ; උසුලන.
සංන්‍යාසය
නා. ආශාව (කාමය) ඇත්තන්ගේ ක්‍රියා අත් හැරීම ; ලෞකික දැයෙන් ඈත් වීම.
සංන්යාස්ත
වි. හෘදය ස්පන්දනය හෝ නාඩි වැඩීම පිළිබඳ ; හදවතේ ඇති රිද්මයානුකූල සංකෝචනය හා සම්බන්ධ.
සංන්යාසියා
නා. ලෞකික ආශා අත් හළ තාපසයා ; ආශ්රමගත බ්‍රාහ්මණයා.
සංනිගමනය
නා. කල්පිතයක් ඊට අදාළ නිගමන සහ හේතු පමණක් නොව, ඊට ඉඳුරාම වෙනස් කරුණුවලට සම්බන්ධ හේතු ආදිය ද අහම්බෙන් සැපයීම.
සංනිධිය
නා. වචනයක් හා තවත් වචනයක් අතර විරාමයක් නො තබා උච්චාරණය කිරීම.
සංප්රතිෂ්ඨාපනය
නා. මැනවින් පිහිටුවීම ; හිඳුවීම ; තැන්පත් කිරීම.
සංප්‍රයුක්ත
වි. යෙදෙන්නා වූ ; එක් ව සිටින්නා වූ.