සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1660

සංඥා ශීර්ෂය

නා. සංඥාව නමැති මූලික කරුණ ; සංඥාව මාතෘකාව ලෙස ගැනීම.

සංඥා ස්කන්ධය

නා. සංඥා චෛතසික සමූහය ; රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ටබ්බ, ධම්ම යන සංඥා කොටස් හය.

සංඥාකාර

(පාරිභා.) වි. ඉඟි කරන ; සංඥා කරන.

සංඥාත

වි. ඉඟි කරන ; හඟවන.

සංඥානය

(පාරිභා.) අවබෝධය ; ප්‍රත්‍යක්ෂය ; සංජානනය.

සංඥාපනය

නා. හැඳින්වීම ; ග්‍රන්ථයක් හැඳින්වීම සඳහා ලියන විස්තරය.

සංඥාව

1. නා. සිහිය ; කල්පනාව ; අදහස ; හැඟීම ; දැනීම.
2. යමක් හඳුන්වන නාමය ; අභිධානය.
3. ලකුණ ; සලකුණ ; සංකේතය ; ඉඟිය.
4. අවබෝධය ; වැටහීම.

සංඥි

1. වි. සංඥාව පිළිබඳ ; හැඟීම, කල්පනාව ඇති.
2. හැඳින්වූ ; නම් කළ.
නා.ප්‍ර. සංඥාව හෙවත් සිත ඇත්තා ; හැඟීම ඇත්තා.

සංඥිත

1. වි. සංඥා ඇති.
2. හඳුන්වා දුන් ; හැඳින් වූ ; ලකුණු කළ ; ඉඟි කළ.

සංඥිදෘෂ්ටිය

නා. සංඥා හෙවත් සිත ඇතැයි යන මතය.

සංඥිභව

නා.ප්‍ර. අරූප භව අතුරින් එක් වර්ගයක්.

සංඥියා

1. නා. සංඥාව ; සිහිය ඇත්තා ; කල්පනාව ඇත්තා.
2. නාමයෙන් හැඳින්වෙන ඇත්තා.

සංඥිවාදය

නා. ආත්මය සංඥාව ඇත්තකැයි යන මතය.

සංඥේය

වි. සිතාමතා ඕනෑකමින් කරන.

සංඥේය වැරදි

නා.බහු. සිතාමතා, ඕනෑකමින් කරන වැරදි හෝ අපරාධ.

සංත්‍යජනය

නා. අත්හැර දැමීම.

සංත්‍රිකා ස්ථිය

(පාරිභා.) නා. පක්ෂීන්ගේ ශ්‍රෝණි මේඛලාවේ කොටසක්.

සංතුලනය

නා. සමබර වීම ; සමබර ඇති කිරීම.

සංතුලිත

නා. සමබර වූ ; සමබර කරන ලද.

සංතෘප්ත

(පාරිභා.) වි. උරාගත හැකි මුළු ද්‍රව ප්‍රමාණයම උරාගත් ; ධාරිතාව ඇති තරමට පිරීගිය.

සංතෘප්ත අංකය

(පාරිභා.) නා. සංතෘප්ත වන සීමාව ; වැඩිපුර උරා ගැනීමට නොහැකි වන මට්ටම.

සංතෘප්තිය

නා. උපරිම ප්‍රමාණයට උරා ගැනීම.

සංතෝසම

1. නා. තුටු පඬුර ; තෑග්ග.
2. අල්ලසක් සේ දෙන දීමනාව.

සංදංශය

(පාරිභා.) නා. තදින් | අල්ලා ගැනීම, පිටතට ඇදීම ආදිය සඳහා උපයෝගී කරගනු ලබන අඬුව.