සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1667

සංවරණය

1. නා. හික්මීම ; කායවාග් සංවරය.
2. තහනම ; දැඩි පාලනය.

සංවරය

නා. පසිඳුරන් හික්මවා ගැනීම.

සංවර්ණනය

නා. විස්තරය ; අටුවාව.

සංවරි

නා.ප්‍ර. රැය ; රාත්‍රිය.

සංවහනය

නා. රත් වූ තාප ධාරා මගින් තාපය ගමන් කිරීම.

සංවාද කොටුව

නා. පරිගණකයෙහි දත්ත හැසිරවීමේ දී කිසියම් විධානයක් නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අතිරේක උපදෙස් හා තේරීම් කිහිපයක් සහිත විශේෂ කවුළුව.

සංවාදය

නා. දෙදෙනෙකු අතර පවතින සාකච්ඡාව ; දෙබස.

සංවාර

නා.ප්‍ර. (අක්ෂර උච්චාරණයේ දී කණ්ඨනාලය) හැකිළීම ; වැසීම ; පිඩු කිරීම.

සංවාසය

1. නා. එක් ව විසීම ; එක්වීම.
2. මෙවුන්දම ; සංසර්ගය.

සංවාහන

1. නා.ප්‍ර. (කෙනකුගේ ශරීරයෙහි යමක් ගා) ඇතිල්ලීම ; ස්පර්ශය ; පිරිමැදීම.
2. ගෙනයාම ; ඉදිරියට ගෙනයාම.

සංවිග්ග

වි. සංවේගයට පැමිණි ; කලකිරුණු ; කැලඹුණු.

සංවිජානනය

(පාරිභා.) නා. සවිඤ්ඤානක දෙයක් වශයෙන් සිත ම සිත දෙස බැලීම.

සංවිදහිත

වි. සක් කළ ; පිළියෙල කළ ; සංවිධානය කළ.

සංවිදිත

වි. දැන ගන්නා ලද ; අවබෝධ කරගන්නා ලද.

සංවිධාන

වි. සකස් කළ ; පිළියෙළ කළ.
1. නා.ප්‍ර. ක්‍රමවත් ව කටයුතු යෙදීම ; පිළියෙල කිරීම.
2. පිළිවෙළක් ඇති කාර්ය මණ්ඩල හවුල.

සංවිධායක

නා.ප්‍ර. කටයුතු ක්‍රමානුකූලව සැලසුම් කරන්නා ; කටයුතු පිළියෙල කරන්නා.

සංවියුතිය

(පාරිභා.) නා. ස්වීචය ; ස්වීච් ඇණය.

සංවිහිත

වි. සැලසුම් කළ ; මනා ලෙස සංවිධානය වූ.

සංවීක්ෂණය

නා. සුපරීක්ෂාකාරී ව බැලීම ; විපරම් කිරීම.

සංවෘත

1. වි. සංවරය කළ ; සංවරය වූ.
2. වැසුණු ; විවෘත නොවූ.

සංවෘත පරිපථය

(පාරිභා.) නා. විද්‍යුත් ධාරාවක සංවෘත වූ ගමන් මාර්ගය.

සංවෘත බීජ

(පාරිභා.) නා.ප්‍ර. ආවරණය වූ ඩිම්බකෝෂයක් ඇතුළෙහි බීජ වර්ධනය වන්නා වූ සපුෂ්ප ශාකය.

සංවෘත භංගය

නා. සමට තුවාලයක් සිදු වී නැති අස්ථි භංගය.

සංවෘත්තිය

(පාරිභා.) නා. පටකවල ඇති සරල ද්‍රව්‍යවලින් සංකීර්ණ ද්‍රව්‍ය ගොඩ නැඟීම.