සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1668

සංවෘති

වි. නිශ්චය කරන ලද ; නියම කරන ලද ; සම්මත වූ.

සංවෘති දේව

නා.ප්‍ර. දේවත්වයෙන් සලකනු ලබන රජවරු ආදී අය.

සංවෘද්ධ

වි. අභිවෘද්ධියට පත් ; වැඩි දියුණු ; වර්ධනය වූ.

සංවේග

නා.ප්‍ර. සංවේගය.

සංවේග ප්‍රාප්ත

වි. අතිශය ශෝකයට පත් ; කනගාටුවට පැමිණි.

සංවේගය

නා. බලවත් සිත්තැවුල ; කනගාටුව ; ශෝකය.

සංවේතනය

(පාරිභා.) නා. දරන තත්ත්වයෙන් හෝ නිලයෙන් ලබන වාසිය හෝ ආදායම.

සංවේද ඉන්ද්‍රියය

(පාරිභා.) නා. උත්තේජ ලබාගන්නා ඇස, කන ආදි අවයව.

සංවේද සෛලය

(පාරිභා.) නා. බහිශ්චර්මයෙහි බහුල වශයෙන් පිහිටි ප්‍රතිග්‍රාහක සෛල.

සංවේදක

වි. ඉන්ද්‍රිය හා සම්බන්ධ ; සංඥා ප්‍රකාශක ; ඉතා සියුම් ව දැනෙන.

සංවේදක කේන්ද්‍රය

(පාරිභා.) නා. ඉන්ද්‍රිය සම්බන්ධ මධ්‍යස්ථානය ; සංඥා ප්‍රකාශන මධ්‍යස්ථානය.

සංවේදක තන්තුව

(පාරිභා.) නා. සංඥා ගෙන යන තන්තුව.

සංවේදක මාර්ගය

(පාරිභා.) නා. ඉන්ද්‍රිය සම්බන්ධී මාර්ගය ; සංඥා ප්‍රකාශන මාර්ගය.

සංවේදක රෝම

(පාරිභා.) නා.ප්‍ර. සංඥා ප්‍රකාශන රෝම ; දළ රෝම.

සංවේදක ස්නායුව

(පාරිභා.) නා. සංඥා ගෙනයන ස්නායුව ; හැඟීම් මොළයට දන්වන නාලය.

සංවේදනය

(පාරිභා.) නා. 1. ඉන්ද්‍රියයක් මාර්ගයෙන් දැනගැනීම.
2. කෙනකුගේ පෞද්ගලිකත්වයට ඇතුළු වී, ඔහුගේ අත්දැකීම් චෛතසික ව විඳින්නට ඇති හැකියාව.

සංවේදනාව

(පාරිභා.) නා. 1. (ඉන්ද්‍රිය මඟින් ඇතිවන) හැඟීම ; දැනීමේ ශක්තිය ; වේදනාව.
2. තීරණය ; නඩු තීන්දුව.

සංවේදිතා මිතිය

(පාරිභා.) නා. ආලෝක සංවේදිතාව නිවැරදිව මනින මිම්ම.

සංශයවාදය

(පාරිභා.) නා. කිසිවක් තීරණාත්මක ව දැනගැනීමට නොහැකිය යන මතය.

සංශයවාදී

වි. සියලු දේ ගැන සැක ඇති ; ආගම සම්බන්ධයෙන් විශ්වාසයක් නැති.

සංශයාපත්තිය

නා. සැකයට පත්වීම.

සංශ්ලේෂ

1. වි. සංකලනය වන ; මිශ්‍රවීම සම්බන්ධ.
2. ද්‍රව්‍ය සංකලනයෙන් යුතු ; කෘත්‍රිම.
1. නා.ප්‍ර. සංසක්තිය ; ඇලෙන බව.
2. ද්‍රව්‍ය සංකලනය.

සංශ්ලේෂක රසායන විද්‍යාව

(පාරිභා.) නා. විද්‍යා ශාඛාංගයක් ; සරලතර ද්‍රව්‍ය ඇසුරෙන් විශේෂයෙන් කාබනික සංයෝග ගොඩනැඟීම පිළිබඳ ශාස්ත්‍ර විධිය.

සංශ්ලේෂණ

(පාරිභා.) වි. සංයෝගාත්මක ; කෘත්‍රිම.