සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1669
සංශ්ලේෂණය
(පාරිභා.) නා. සරල සංයෝගවලින් හෝ මූල ද්‍රව්‍යවලින් යම්කිසි සංයෝග ගොඩනගන ක්‍රියාවලිය.
සංශ්‍රය
1. නා.ප්‍ර. ඇසුර ; ආශ්‍රය.
2. ආශ්‍රය ස්ථානය.
3. රජකු බලවත් රජුන් ඇසුරු කිරීම.
සංශුද්ධ
වි. ඉතා පිරිසිදු ; අතිපරිශුද්ධ.
සංශුද්ධ ජලය
නා. පිරිසිදු කරන ලද ජලය.
සංශුද්ධිය
නා. ඉතා පිරිසිදු බව ; මනා පවිත්‍රතාව.
සංශෝධක
නා.ප්‍ර. ලේඛනයක හරි වැරදි බලා සකස් කරන තැනැත්තා ; සංශෝධනය කරන්නා.
සංශෝධනය
නා. පිරිසිදු කිරීම; අඩුපාඩු ශුද්ධ කිරීම.
සංශෝධිත
වි. සංශෝධනය කළ ; දොස් ආදිය නිවැරදි කළ.
සංසක්ත
1. වි. ඇළුණු ; ආසක්ත ; එක් වූ ; සඞ්ගත වූ.
2. (පාරිභා.) (ගැලවීමට හැකිවන සේ) කොටස් ඇලී පවතින.
සංසක්තිය
1. නා. එකට ඇලී පවත්නා ස්වභාවය ; සමීප සම්බන්ධතාව.
2. (පාරිභා.) යම්කිසි වස්තුවක අංශු අතර පවත්නා ආකර්ෂණ බලය ; එකම වර්ගයේ ශාක කොටස් එකට ඇලී පැවතීම.
සංසන්දක
වි. සැසඳීමෙන් දැනගත් ; තුලනාත්මක.
නා.ප්‍ර. (පාරිභා.) විද්‍යුත් උපකරණ විශේෂයක්.
සංසන්දනය
නා. සමාන අසමානකම් විමසා බැලීම ; සමකර බැලීම.
සංසන්ධිතය
නා. ඇසේ සියුම් සිවියක් ; අක්ෂි පටලය.
සංසරණ
වි. සැරිසරන ; ගමන් කරන ; පැතිරෙන.
1. නා.ප්‍ර. සැරිසැරීම.
2. ගමන් කිරීම (රුධිරය වැනි දෙයක් සංවෘත මාර්ගයක) සැරිසැරී.
3. (පුවත්පත්, පොත්, මුදල් ආදිය) පැතිරීම.
සංසරණ මූලධනය
(පාරිභා.) නා. මූලික වියහියදම් සඳහා නිෂ්පාදකයකු සතු ව පැවතිය යුතු ප්රාග්ධනය.
සංසරණ වත්කම්
(පාරිභා.) නා.ප්‍ර. ස්ථාවර නොවන වත්කම් ; නිතර නිතර හුවමාරුවන ධනය.
සංසර්ගය
1. නා. මිශ්රවීම ; එක්වීම.
2. මෛථුනය ; සංවාසය.
සංසල
වි.සෙලවෙන ; ගැහෙන ; චංචල ; සසල.
සංස්කන්ධකය
(පාරිභා.) නා. අසල පිහිටි බුහුබාවන් සම්බන්ධ කෙරෙමින් සංයුක්ත කොරල්වල ඇති දැඩි ද්‍රව්‍යය.
සංස්කරණය
1. නා. පොත්පත්, සඟරා ආදිය මුද්‍රණයට සුදුසු පරිදි පිළියෙළ කිරීම.
2. ග්‍රන්ථයක අශුද්ධ පාඨ ආදිය ශුද්ධ කිරීම.
3. සකස් කරන ලද නොහොත් ශුද්ධ කරන ලද ග්‍රන්ථය.
4. සකස් කිරීම ; පිළියෙල කිරීම ; සෑදීම.
සංස්කාර
1. නා.ප්‍ර. හේතු ප්‍රත්‍ය ධර්ම ; ඵල නිෂ්පාදක හේතු.
2. හටගත් දේ.
3. කාම, රූප, අරූප යන කුසලාකුසල කර්ම.
4. හේතුවලින් හටගත් පස් වැදෑරුම් ස්කන්ධ.
සංස්කාරකයා
නා. (මුද්‍රණය සඳහා) පිළියෙළ කරන්නා ; සකස් කරන්නා ; සංස්කරණය කරන්නා.
සංස්කෘත
නා.ප්‍ර. ඉන්දු-ආර්ය ප්රාකෘතයෙන් සකස් කර ගන්නා ලද භාෂාවක නාමය ; සකු හෙවත් දේව භාෂාව.
සංස්කෘතික
වි. සංස්කෘතිය හා සම්බන්ධ ; සංස්කෘතියට අයත්.