සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1694

සන්ගෙ

නා.ප්‍ර. ලජ්ජා බය ; විළිබිය.

සන්ත

1. වි. විද්‍යමාන ; පවතින.
2. ශුද්ධ ; පූජ්‍ය.

සන්තකය

1. නා. අයත් දෙය ; සතු වස්තුව.
2. ගින්දර සඳහා කමතේදී ව්‍යවහාර කරන නාමය.

සන්තත

වි. නොකඩවා පවතින ; අවිච්ඡින්න.

සන්තත උච්ශ්වසනය

(පාරිභා.) නා. අතරක් නැති වන සේ ඉක්මනින් හුස්ම ඉහළට ගැනීම ; ආශ්වාස කිරීම.

සන්තත චක්‍රය

(පාරිභා.) නා. සන්තතිය නොකැඩී දිගින් දිගට පවතින චක්‍රය ; අනුවර්තන චක්‍රය.

සන්තත තරංග

(පාරිභා.) නා.ප්‍ර. තාපය, ශබ්දය, විද්‍යුත්ධාරා ආදිය විහිදීමේදී අවිච්ඡින්න ව ඇති ව උස් පහත් වීම.

සන්තත ප්‍රවාහක්‍රමය

(පාරිභා.) නා. (භෞති.) ඒකකාරව දිගින් දිගටම ගලා යන අවිච්ඡින්න පටිපාටිය.

සන්තත භාගය

(පාරිභා.) (ගණිත.) නා. එක දිගට පවත්නා ඉතා කුඩා භාගය.

සන්තත මාධ්‍යය

(පාරිභා.) නා. එක දිගට අනුගමනය කළ ආධාරකය ; කේන්ද්‍රය.

සන්තත මැලේරියාව

(පාරිභා.) නා. මැලේරියා රෝගයේ එක් ප්‍රභේදයක් ; යුහුසුලුව ඇති නොවී ක්‍රමයෙන් ශරීර තාපය නගිමින් හටගන්නා මැලේරියා උණ විශේෂය.

සන්තත වර්ණාවලිය

(පාරිභා.) නා. එක දිගට පැවතීගෙන යන වර්ණ කලාප සමූහය.

සන්තත විචලනය

(පාරිභා.) නා. එක දිගට නොකඩවා පවතින වෙනස්වීම.

සන්තති

1. වි. නොකඩවා පවතින ; අවිච්ඡින්න.
2. (පාරිභා.) පිළිවෙළින් ඇති වන ; අනුපිළිවෙළින් පදවියකට පත් වන.

සන්තති නිරෝධය

නා. පංචස්කන්ධයාගේ පැවැත්මේ නිරුද්ධිය හෙවත් කෙළවර ; ස්කන්ධ පරම්පරාව සිඳීමෙන් වන නිරුද්ධ වීම ; මරණය.

සන්තති විච්ඡේදය

නා. ස්කන්ධ බිඳී යෑම ; සන්තතිය සිඳීම.

සන්තතික පරිණාමනය

(පාරිභා.) නා. වෙනස හඳුනාගත නොහැකි වන සේ සිදුවන පෙරළිය.

සන්තතිය

1. නා. (නොකැඩී පවත්නා වූ චිත්ත චෛතසිකාදි) පරම්පරාව.
2. පඞ්ක්තිය ; පෙළ.
3. පැළැන්තිය ; දරු පරපුර.
4. විස්තාරය.
5. ආයාසය.

සන්තන ප්‍රභේදනය

(පාරිභා.) නා. එකම දරු පරපුරට අයත් වූවන් එකිනෙකා අතර පවතින වෙනස.

සන්තප්ත

වි. බෙහෙවින් තැවුණු ; අතිශයින් ගිනියම් වූ.

සන්තර්ජනය

නා. තර්ජනය කිරීම ; තැති ගැන්වීම.

සන්තර්පණය

1. නා. සංග්‍රහ කිරීම ; සැපවත් කිරීම.
2. පිනවීම ; තෘප්තිමත් කිරීම.

සන්ත්‍රස්ත

වි. තැතිගත් ; බියපත්.

සන්ත්‍රාසය

නා. තැතිගැනීම ; බිය වීම.