සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1695
සන්තාන ජනනය
(පාරිභා.) නා. පරපුර බෝ කිරීම ; පුනරුත්පාදනය.
සන්තාන පත්‍රය
නා. පොරොන්දු පත්‍රය ; ගිවිසුම් පත.
සන්තාන වත්
වි. හිතෙහි පවතින ; චිත්තගත.
සන්තානන් මෑණි
නා.ප්‍ර. ශුද්ධ කන්‍යා මරියතුමියගේ මව ; සාන්ත ආනා මුනිවරිය.
සන්තානය
1. නා. චිත්තය ; සිත.
2. දරු මුනුපුරු පරපුර.
3. මිත්‍ර සම්බන්ධය.
4. රාශිය ; සමූහය.
5. දිව්‍ය වෘක්ෂයක නම.
සන්තානවර්ති
වි. සිතෙහි පවත්නා වූ.
සන්තානිතා අංකනය
(පාරිභා.) නා. පවත්වාගෙන යන සම්බන්ධතාව.
සන්තානිතාව
(පාරිභා.) නා. පවත්වාගෙන යෑම ; අවිච්ඡේදය.
සන්තාපට්ඨ
නා.ප්‍ර. (රාගාදි ක්ලේශ විසින්) තවන ස්වභාවය.
සන්තාපය
1. නා. දැඩි උෂ්ණය ; අධික දාහය.
2. සිත් තැවුල.
සන්තාප්ත
වි. උපරිම වාෂ්ප පීඩනය සහිත.
සන්තුෂ්ටිය
නා. සතුට ; සන්තෝෂය.
සන්තෘප්ත
වි. මැනවින් සැහීමට පත් ; තෘප්තිමත් ; සතුටු වූ.
සන්තෘප්ත අම්ලය
(පාරිභා.) නා. අත්‍යන්තයෙන් උපරිමයට මිශ්‍ර වූ අම්ලය.
සන්තෘප්ත චුම්බකය
(පාරිභා.) නා. පෑ හැකි උපරිම චුම්බක බලය පාන චුම්බකයක්.
සන්තෘප්ත ද්‍රාවණය
නා. උපරිම වශයෙන් ද්‍රාවණය කළ හැකි ද්‍රව්‍ය ප්‍රමාණය ; ද්‍රවණය වී ඇති ද්‍රාවණය.
සන්තෘප්ත පස
(පාරිභා.) නා. උපරිම ලෙස ජලයෙන් පිරී ගිය පස.
සන්තෘප්ත වාතය
(පාරිභා.) නා. දියර බවට පත්වීමට ආසන්න වාතය.
සන්තෘප්ත වාෂ්පය
(පාරිභා.) නා. උෂ්ණත්ව පීඩනය වැඩි කිරීමෙන් ද්‍රව බවට පත් කළ හැකි වායුව ; හුමාලය.
සන්තෘප්ත සංයෝගය
(පාරිභා.) නා. ද්විත්ව හෝ ත්‍රිත්ව හෝ බන්ධන රහිත සංයෝගය.
සන්තෘප්ති අංකය
(පාරිභා.) නා. සන්තෘප්තියට පත්වන මට්ටම.
සන්තෘප්තිය
(පාරිභා.) නා. සම්පූර්ණ වීම ; පිරීම ; සෑහීමට පත්වීම ; සතුටට පත්වීම.
සන්තෘප්තිවක්රය
(පාරිභා.) නා. පරිපූරණය පිළිබඳ නැමීම.
සන්තෙ
(කථා.) නා.ප්‍ර. වෙළෙඳ පොළ.