සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1705

සබලී

නා.ප්‍ර. බලය ඇති පුද්ගලයා ; බලවතා.

සබව

1. නා.ප්‍ර. සැබෑව ; සත්‍යය ; ඇත්ත.
2. ස්වභාවය.

සබවස

1. නා. සත්‍ය වචනය ; සැබෑ ප්‍රකාශනය.
2. සභ්‍ය වචනය ; ශිෂ්ට වචනය ; ප්‍රකාශනය.

සබ්බ

වි. සියලු ; සර්ව.

සබ්බච්ඡන්න

වි. සියල්ල වසා සිටින්නා වූ හෝ වසන ලද්දා වූ.

සබ්බඤ්ඤු

වි. සියල්ල දන්නා වූ ; දතයුතු සියලු දේ දැනගත්.

සබ්බට්ඨක

වි. සියලු දෙයින් ම අට අට බැගින් වූ.

සබ්බද්දිවාරය

(කථා.) නා. 1. මුළු කාලය ; සියලු කාලය.
2. මුළු පළාත ; විශාල බිම් ප්‍රමාණය.

සබ්බනාසනය

නා. භික්ෂූත්වය මුළුමනින් ම විනාශ වී යාමට හේතු වන බරපතළ වැරැද්ද.

සබ්‍රහ්මචාරී

වි. සමාන බඹසර ඇති.

සබා

1. වි. භාග්‍ය සහිත ; භාග්‍ය සම්පන්න.
2. ප්‍රභා සම්පන්න ; කාන්තිමත්.
3. නිවැරදි.
1. නා.ප්‍ර. සත්‍යය ; සැබෑව.
2. ස්වභාවය.

සබාසය

1. නා. සිය බස ; සිංහල භාෂාව.
2. සංස්කෘත, ප්‍රාකෘත, මාගධ, අපභංස, පෛශාචි සහ සෞරසේනි යන භාෂා හය ; ෂඩ් භාෂා.

සබැඳියාව

නා. අන්‍යෝන්‍ය වශයෙන් වන මනා බැඳීම ; සම්බන්ධය ; මිත්‍රත්වය.

සබෑ

නා.ප්‍ර. සහෝදරයෝ හය දෙනා.

සබුක්කාලම

1. නා. වාඩි වීම සඳහා බිම අතුරන පලස.
2. සාළුව.

සබුක්කුව

නා. කසය ; අශ්වයාට තළන කසය.

සබුස්

නා.ප්‍ර. ලන්දේසීන් අතර ව්‍යවහාර වූ මුදල් වර්ගයක්.

සබොග්

නා.ප්‍ර. ගොවිතැන් ක්‍රම විශේෂයක් ; තෙත් හෝ දියෙන් වැසුණු කුඹුරුවල වී ඉසීමේ ක්‍රමය.

සභංග

වි. දාරයෙහි එක තරමේ රවුම් දත් තිබෙන්නා වූ.

සභය

වි. භය සහිත වූ.

සභ්‍ය

වි. ශිෂ්ට ; ශීලාචාර ; හික්මුණු ; උතුම් ගති පැවතුම්වලින් යුත් සබයට සුදුසු.

සභ්‍යත්වය

නා. ශිෂ්ට භාවය ; හැදියාව ; සමාජයක ශිෂ්ටත්ව මට්ටම හෝ රටාව.

සභාග

1. වි. කොටස් හෙවත් ප්‍රභේද සහිත වූ.
2. මිත්‍ර වූ ; එක් ව කටයුතු කරන්නා වූ ; සහභාගි ; සංයෝගී.
නා.ප්‍ර. තම කොටස ; ස්වකීය කොටස.

සභාගයා

1. නා. සමානයා ; සහවාසකයා.
2. සහවාසක භික්ෂුව ; ඔවුනොවුන් එක් ව විනය කර්ම කරන භික්ෂූන් අතරින් එක් භික්ෂුවක්.