සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1704
සපා
1. නා.ප්‍ර. මී මැස්සා.
2. සර්පයා.
සපාකනවා
ක්‍රි. (බල ආදි සතුන්) දත්වලින් ඉරා කඩා කනවා.
සපිධාන
(පාරිභා.) වි. ඇරෙන වැහෙන පියනක් බඳු ආවරණයෙන් යුතු ; කරමල් පියනින් සමන්විත.
සපියෝ
1. නා.ප්‍ර. සම්ප්රයෝගය ; එක්වීම ; එක්ව යෙදීම.
2. යුද්ධය ; සංග්‍රාමය.
සපු
1. නා.ප්‍ර. සුවඳවත් මල් සහිත ගස් වර්ගයක්.
2. සම්පත්තිය ; ශෝභාව.
3. මල ; පුෂ්පය.
4. කාව්‍ය ප්‍රභේදයක් ; චම්පු කාව්‍යය.
5. සර්පයා ; නාගයා.
සපුච්ඡ
වි. වලිගයක් වැනි උපාංගයක් සහිත වූ
සපුනා
නා.ප්‍ර. නයා ; නාගයා ; පණිඳු.
සපුරනවා
ක්‍රි. සම්පූර්ණ කරනවා ; ඉෂ්ට කරනවා.
සපුරිස්
නා.ප්‍ර. යහපත් පුද්ගලයා ; සත්පුරුෂයා ; ගුණවතා.
සපුව
නා. සැපත ; සම්පත්තිය ; ශෝභාව.
සපුෂ්පශාක
(පාරිභා.) නා.ප්‍ර. මල් හටගන්නා ගස් වැල් ආදිය ; පුෂ්ප දරන ශාක විශේෂ.
සඵනීකරණය
(පාරිභා.) නා. රසායන ද්‍රව්‍ය සබන්වලට හැරවීම ; සබන් බවට පරිවර්තනය කිරීම.
සඵල
වි. ඵලදායක වූ ; ප්‍රයෝජන සහිත වූ.
සඵලීකෘත
වි. සඵල හෙවත් සාර්ථක කළා වූ.
සබකෝලය
නා. සභාවක් හෝ පිරිසක් ඉදිරියට පැමිණ කථා කිරීමට ඇති ලැජ්ජාව සහිත පැකිළීම ; තැතිගැන්ම.
සබත් දිනය
නා. (ක්‍රිස්ති.) ආගමික වතාවත් සඳහා වෙන් වූ දිනය ; සතියේ සත්වන දිනය.
සබන්
නා.ප්‍ර. ශරීර, වස්ත්‍ර ආදියෙහි කුණු ඉවත් කිරීමට භාවිත කරන මෘදු පෙණ නංවන රසායනික නිෂ්පාදනයක්.
සබන් කුකුළා
හබන් කුකුළා බ.
සබඳ
වි. බැඳී පවතින.
1. නා.ප්‍ර. ගැළපීම ; සම්බන්ධය.
2. සම්බන්ධයක් ඇත්තා ; මිතුරා ; යහළුවා.
3. අයිතිකාරයා ; ස්වාමියා.
සබය
1. නා. සමූහයක් රැස්වන ස්ථානය ; සභාව ; රැස්වීම.
2. ස්වභාවය ; ප්‍රකෘතිය.
සබර
1. නා.ප්‍ර. සතුන් දඩයම් කරන්නා ; වැද්දා.
2.මත්ස්‍ය විශේෂයක්.
3. මී මැස්සා.
සබරකඩ
නා.ප්‍ර. වැද්දන් සිටින වනය.
සබරන
නා.ප්‍ර. සබර ගස් වනය.
සබල්බ
වි. බල්බ සහිත වූ ; බල්බ වැනි වූ.