සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1703

සප්තදශ

නා.ප්‍ර. දහහත ; දාහත ; සතළොස.

සප්තබෝධ්‍යංග

නා.ප්‍ර. බෝධි නම් වූ මාර්ග ඥානවලට කාරණ ව සිටින ධර්ම සමූහය ; නිවන් ලබාගැනීමට උපකාර වන ධර්ම සත වන සති, ධම්මවිජය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි සහ උපේක්ඛා.

සප්තම

වි. සත්වැනි.

සප්තර්ෂිය

නා. තාරකා හතකින් යුක්ත වූ තරු කැටිය ; හත්දින්න.

සප්තස්වරය

නා. සංගීත ශාස්ත්‍රයේ එන ස, රි, ග, ම, ප, ධ, නි යන ස්වර හත.

සප්තාශ්ව

[සප්ත + අශ්ව]
නා.ප්‍ර. සූර්යයා ; හිරු ; සතියේ දවස් හත නිරූපණය කරන අශ්වයන් හත් දෙනෙකුගෙන් යුත් වාහනයක් ඇති සූර්ය දිව්‍ය රාජයා.

සප්තාහය

නා. හත් දවස ; සතිය.

සප්තුඩු

නා.ප්‍ර. විෂ වෛද්‍යවරයා.

සප්පයා

1. නා. රා අරක්කු වැනි මත්ද්‍රව්‍ය බෝතල්වලට ගසා ඇති මූඩිය.
2. (කථා.) ළදරුවා ; කුඩා දරුවා.
3. සර්පයා.

සප්පරාව

නා. (බර කරත්තයේ) වියගහ ඒරිය කඳට තබා යොදන ලණු බැඳුම.

සප්පසිරුපමාව

නා. කාමය සර්ප හිසක් බඳු යැයි දක්වන උපමාව.

සප්පායම්

1. නා.ප්‍ර. අනුභව කිරීම ; ආහාර වැළඳීම.
2. සාත්තුව ; සැලකීම.

සප්පි

නා.ප්‍ර. ගිතෙල් ; එළකිරෙන් ලබාගන්නා තෙල්.

සප්පිළාවා

නා. සර්ප පෝතකයා ; නයි පැටියා.

සප්පුරිසයා

නා. සත්පුරුෂයා ; යහපත් තැනැත්තා.

සප්පෝරු

නා.ප්‍ර. ගෞරවය නැති වීම ; ගෞරවය විනාශ වීම.

සප්ලි

නා.ප්‍ර. ගිවිසුම ; පොරොන්දුව ; ප්‍රතිඥාව.

සප්‍රත්‍යය

වි. හේතු සහිත වූ ; ප්‍රත්‍යය සහිත.

සප්‍රතිඝ

වි. ද්වේෂ සහගත වූ ; අරමුණෙහි හැපීම් ගැටීම් සහිත වූ.

සප්‍රතිභය

නා.ප්‍ර. භය සහගත වූ දේ ; භය.

සප්‍රධානවාසය

නා. තමා ප්‍රධාන කොට වාසය කිරීම.

සප්‍රසාද

නා.ප්‍ර. (කතෝලික ආගමේ) ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය ; සත්ප්‍රසාද.

සප්‍රාය

වි. යෝග්‍ය වූ ; සුදුසු වූ.