සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1702

සඳහා

නි. පිණිස ; ගැන ; උදෙසා ; නිසා.

සඳැස්

1. නා.ප්‍ර. මොනර පිලෙහි තිබෙන ඇසක් වැනි ලකුණ ; පිලැස.
2. සිත හා ඇස.
3. මාත්‍රා විසින් පෙන්නුම් කරන ඡන්දස.

සඳු

1. නා.ප්‍ර. හඳ ; චන්ද්‍රයා.
2. කැමැත්ත ; ආශාව ; ඡන්දය.

සඳුන්

නා.ප්‍ර. සුදු කහ රතු වශයෙන් දෙ වැදෑරුම්ව පවතින වටිනා ඖෂධ දැවය.

සඳුන් ගල

නා. සඳුන් කල්ක සාදාගැනීමේදී උරච්චි කිරීමට භාවිත කරන ගල.

සපත්තිය

නා.අනිත් බිරියක හෝ බිරියන් සමඟ එකම සැමියා බෙදා ගන්නා භාර්යාව.

සපත්තුපාලම

නා. තද වැහිවලදී උඩින් වතුර ගලා යන සේ පහත්කොට සාදන ලද පාලම ; පැන්නම් පාලම.

සපත්නීරෝෂය

නා. බිරියක් තුළ (සැමියාගේ) වෙනත් බිරියක් වෙත ඇති වන කෝපය.

සපතේරුවා

නා. සපත්තු මහන්නා.

සපථය

නා. දිවුරා ප්‍රකාශ කිරීම ; දිවුරුම.

සපද

නා.ප්‍ර. මීමැස්සා ; බඹරා.

සපදන්

නා.ප්‍ර. (ව්‍යාක.) 1. දානාදිය ලැබීමේ අර්ථය ප්‍රකාශ කරන විභක්තිය ; සම්ප්‍රදාන විභක්තිය.
2. සිංහලයේ කාරක හයෙන් එකක්.
3. ගෙවල් පිහිටි අනුපිළිවෙළ ; ගෙපිළිවෙළ ; ගෘහපටිපාටිය.
4. භික්ෂූන්ගේ පිළිවෙළ අනුව පිඬු සිඟායාමේ ධුතාඞ්ගය ; සම්ප්‍රදාන චාරිකාව.

සපදාන චාරිකාව

නා. ගෙපිළිවෙළ නොඉක්මවා පිඬු පිණිස හැසිරීම.

සපනවා

1. ක්‍රි. විකනවා ; හපනවා.
2. දෂ්ට කරනවා ; එකට වද්දනවා ; ගටනවා ; ඝට්ටනය කරනවා.

සපන්

1. වි. යුක්ත ; යුතු.
2. දක්ෂ ; ශූර ; හපන්.

සපනා

නා. දක්ෂයා ; සූරයා ; සමර්ථ පුද්ගලයා ; හපනා.

සපය

නා. යමක් විකා ඉස්ම උරාබීමෙන් පසු ඉතිරි වන රොඩ්ඩ ; හපය.

සපයනවා

1. ක්‍රි. අවශ්‍ය දේ ලබා දෙනවා ; සම්පාදනය කරනවා ; උපයනවා.
2. මෙහෙවරක් ඉටු කරනවා ; සලසාලනවා.

සපරම

නා. කුඩුම්බිය මතුපිට නොසිට ගිලී යන පරිදි ඉස්කුරුප්පු ඇණයක් සවි කිරීමට තවුවක කළ කැපීම.

සපරම් තලය

(පාරිභා.) නා. සරනේරු, සිදුරු, විදමන් ආදියේ කට මහත් කරන උපකරණය ; සපරම් කටුව.

සපල

වි. ප්‍රතිඵල සහිත ; ප්‍රයෝජනවත් ; සාර්ථක ; සඵල.

සප්

නා.ප්‍ර. සර්පයා.

සප්ත

වි. හත ; හතකින් යුත් ; සත් වැනි.

සප්ත ආර්යධනය

නා. ආර්ය පුද්ගලයන් උතුම් කොට සලකන ධන සත ; සද්ධා, සීල, හිරි, ඔතප්, සුත, චාග සහ පඤ්ඤා යන ආර්ය ධන හත.

සප්ත සතක

වි. සත් සිය ; සත් සියයෙන් යුතු ; සියයේ කොටස් හත බැගින් ඇති.