සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1701

සනීපාරක්ෂාව

නා. නිරෝගි බව රැකීම ; සෞඛ්‍යය ආරක්ෂා කිරීම.

සනුමානය

නා. සම්මානය ; බුහුමන ; ගෞරවය.

සනුහරේ

(කථා.) නා. ජාතිය ; වර්ගය ; පරම්පරාව.

සඳ

1. නා.ප්‍ර. චන්ද්‍රයා ; සිසි.
2. උත්තමයා.
3. සඳුට හිමි දිනය ; සඳු දින.
4. (ජ්‍යෝති.) නවග්‍රහයන්ගෙන් එකක් වූ සඳු ග්‍රහයා.
5. සඳ වැනි ලපය.
6. මොනර පිලෙහි ඇස ලකුණ ; චන්ද්‍රාක්ෂිය.
7. සෙනෙහස ; ආදරය.
8. පිනි.
9. (ව්‍යාක.) පදයන්හි පෙරපර අකුරු ගැළපීම ; වර්ණ ගැළපීම.
10. (ශරීර) සන්ධිය.
11. සතුට ; ප්‍රීතිය ; ආශාව ; කැමැත්ත.
12. සන්ධ්‍යා කාලය.
13. ස්ත්‍රිය; කාන්තාව.
14. පෙම්වතිය ; ප්‍රියාව.
15. සඳුන් ; චන්දන.
16. සුවඳ ; සුගන්ධය.
17. ඇතා ; හස්තියා.
18. නෙළුම් මල.
19. සැකය ; සංකාව.

සඳ උදම

(පාරිභා.) නා. චන්ද්‍රයාගේ ආකර්ෂණය නිසා සාගර මුහුදු ආදියෙහි ඇති වන වඩදිය සහ බාදිය.

සඳ එළිය

නා. සඳෙන් ලැබෙන එළිය ; චන්ද්‍රාලෝකය.

සඳ කැන්

1. නා.ප්‍ර. සඳ රැස් සමූහය.
2. මොනරා.

සඳකඩ පහණ

නා.ප්‍ර. අඩ සඳ වැනි ගල ; ගොඩනැගිලිවල පියගැට පෙළ පාමුල ඇති සත්ව රූප, ලියකම්, මල්කම් කැටයම් කළ අර්ධ-චන්ද්‍රාකාර පාෂාණය.

සඳකත

1. නා. සඳ රැස් ; චන්ද්‍රකාන්තිය.
2. චන්ද්‍රකාන්ත පාෂාණය.
3. සන්ධ්‍යාව නමැති කාන්තාව.

සඳකත ගෙහ

නා.ප්‍ර. චන්ද්‍රකාන්ත පාෂාණමය ගෘහය.

සඳකත සිලිල්

නා.ප්‍ර. චන්ද්‍රකාන්ත පාෂාණයෙන් ගලන ජලය.

සඳකත් පහණ

නා. චන්ද්‍රකාන්ත පාෂාණය.

සඳකත් මිණ

නා.ප්‍ර. චන්ද්‍රකාන්ත මාණික්‍යය.

සඳකර

නා.ප්‍ර. සඳරැස්.

සඳකල

නා.ප්‍ර. සවස් කාලය ; සැඳෑ කාලය.

සඳනඟරා

නා.ප්‍ර. ඇඟේ ගාන සඳුන්.

සඳමඬල

නා. සඳෙහි පෙනෙන කොටස ; චන්ද්‍ර බිම්බය.

සඳමිඳුලු

නා.ප්‍ර. ශරීරයේ සන්ධිස්ථාන ඇතුළත ඇති උකු ද්‍රව්‍යය ; මිඳුලු.

සඳරම්

නා.ප්‍ර. විෂ්ණුගේ භාර්යාව ; ශ්‍රී කාන්තාව.

සඳරා

1. නා.ප්‍ර. තද ඇල්ම ; දැඩි ආශාව ; ඡන්ද රාගය.
2. මත්පැන් ; මදිරා.

සඳලුතලය

නා. මහල් ගොඩනැගිලි ඉදිරියෙහි (විශේෂයෙන් සඳ එළිය වැටෙන පරිදි, වහල නැතිව තනා ඇති කොටස ; සඳැල්ල.

සඳලේ

නා.ප්‍ර. කවාකාර රේඛාවක් මෙන් පෙනෙන නව හඳ ; චන්ද්‍රලේඛාව.

සඳස්

නා.ප්‍ර. කාව්‍ය ලක්‍ෂණ විෂයට අයත් ඡන්දස් ශාස්ත්‍රය.

සඳහන

1. නා. සිහිය ; මතකය ; ස්මරණය ; කල්පනාව.
2. ලකුණු කිරීම ; ලියා තැබීම ; ලියූ දෙය.
3. ජන්ම පත්‍රය ; හඳහන.