සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1706
සභානායක
1. නා.ප්‍ර. සභාවක ප්‍රධානයා ; සභාපති.
2. මන්ත්‍රී මණ්ඩලයේ සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීගේ වැඩ කටයුතු මෙහෙයවන ප්‍රධානයා.
සභාපති
1. නා.ප්‍ර. සභාවෙහි මුලසුන දරන පුද්ගලයා.
2. සංස්ථා, සමාගම් ආදියෙහි ප්‍රධානයා.
සභාර්හ
වි. සභාවට සුදුසු වූ ; සභ්‍ය වූ.
සභාව
1. නා. විදිමත් ව රැස් වූ පිරිස ; විධිමත් රැස්වීම.
2. ශාලාව ; රැස්වීම් ශාලාව.
3. ක්‍රිස්තු බැතිමතුන් අයත් සංවිධානය.
සභිකයා
නා. සභාවෙහි නියුක්ත පුද්ගලයා ; සභාවෙහි සාමාජිකයා.
සම
1. වි. සමාන ; සදෘශ්‍ය ; තුල්‍ය ; ඒකාකාර.
2. සමතලා ; වළ ගොඩැලි රහිත.
3. නිසි ; යෝග්‍ය ; යහපත්.
4. නිවැරදි.
1. නා.ප්‍ර. ශරීරයෙහි මතුපිට තිබෙන සිවිය ; චර්මය.
2. සමය ; කාලය ; ඍතුව ; වකවානුව.
3. උපමාව ; දෘෂ්ටාන්තය.
4. මැදහත් බව ; මධ්‍යස්ථභාවය.
5. මධ්‍යස්ථාකාරයෙන් පවත්නා සංගී. රාගයක්.
6. පැරණි ; සැහැලි වෘත්ත විශේෂයක්.
7. කෙලෙස් නසන ප්‍රතිපදාව හෙවත් ප්‍රතිඥාව.
8. චන්ද්‍ර කාන්තිය.
9. ශ්‍යාම වර්ණය ; කළු පැහැය.
10. වසන්ත වනය.
සම අවතල
වි. පැත්තක් අවතල ද අනෙක් පැත්ත සමතල ද වූ.
සම උත්තල
වි. පැත්තක් උත්තල වූ ද අනෙක් පැත්ත සමතලා වූ ද.
සම උදම්
වි. එක ම වේලාවට ඒ ඒ තැන දක්නට ලැබෙන වඩදිය සම්බන්ධ.
සම නාමතාව
නා. දැනටමත් භාවිතයෙහි ඇති නමක් අනෙකකට දීම.
සම නිඹුල්ලු
නා.බහු. සමාන ආවේණික ලක්ෂණ ඇති එක ම ඩිම්බයෙන් උපන් දරු දෙදෙන ; ඒක ඩිම්බක නිඹුල්ලු.
සම සංඛ්‍යා ක්‍රමය
(පාරිභා.) නා. දෙන ලද අදාළ කරුණු හෙවත් දත්ත සිතියම්ගත කිරීමේ ක්‍රමය.
සමංගීකරණය
නා. සංවිධාන කිරීම ; කාර්ය මණ්ඩලීකරණය.
සමංජස
නා.ප්‍ර. සම වූ මාර්ගය හෙවත් මාවත.
සමක
1. වි. සමාන වූ ; සමතුල්‍ය වූ.
2. නිරක්ෂයට සම්බන්ධ වූ.
3. සමාන ද්‍රාවණ පිළිබඳ වූ.
4. සම ප්‍රමාණ වූ ; සම පරිමාණ වූ.
5. සමාන අගයෙන් යුත් ; බිල්පත් කොටස් ආදිය එහි සඳහන් මිලටම විකිණීම පිළිබඳ වූ.
සමක භාරය
නා. බර අනුව හයිඩ්රජන් ඒකකයක් සමඟ සංයෝජන වන මූල ද්‍රව්‍යයක හෝ ඛණ්ඩයක හෝ බර.
සමකක්ෂය
නා. එකම තලය හෙවත් එකම තත්ත්වය.
සමකත්වය
නා. කිසියම් ද්රාවණීය ලීටරයක ඇති ග්‍රෑම් සමක සංඛ්‍යාව වශයෙන් ප්‍රකාශ ලද සාන්ද්‍රණය.
සමකය
1. නා. නිරක්ෂ රේඛාව.
2. සමාන අගය ; සමාන වටිනාකම.
සමක්කට්ටු
1. නා.ප්‍ර. සැලකිලි ; සංග්‍රහ ; රාජ්‍ය සම්මාන.
2. ගෘහ උපකරණ ආදී වස්තු.
සමක්ෂ
වි. අභිමුඛ ; ඉදිරියෙහි සිටින ; පැහැදිලිව පෙනෙන.
සමක්ෂක
වි. එක ම අක්ෂයක් සහිත.
සමක්ෂණිකතාව
(පාරිභා.) නා. එක විට සිදු වන බව.
සමක්ෂිතිජ
වි. තිරස් ; හරහට වැටුණු ; පොළොවට සමාන්තර වූ.