සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1707

සමක්ෂිතිය

නා. එක විට සිදු විය හැකි දෙය.

සමක්ෂේත්‍ර ප්‍රක්ෂේපණය

නා. යාව පිහිටි දේශාන්තර රේඛා දෙකකින් හා යාව පිහිටි අක්ෂ භාග දෙකකින් ද සීමා වූ කොටසක් තවත් කොටසක් හා ක්ෂේත්‍රඵලයෙන් සම ව පවතින සේ දක්වන ප්‍රක්ෂේපණය.

සමක්ෂේත්‍රය

නා. තලය ; සමතලය.

සමක්‍රාන්ති

(පාරිභා.) නා.ප්‍ර. සමාන වූ ක්‍රාන්තිය.

සමක්‍රාන්ති රේඛාව

(පාරිභා.) නා. සමාන චුම්බක ක්‍රාන්තියක් තිබෙන ලක්ෂ්‍ය ඔස්සේ ඇඳි රේඛාව.

සමකාරකය

නා. තුල්‍ය වූ ඉන්ද්‍රිය ; සමාන වස්තුව.

සමකාර්ය

නා.ප්‍ර. වෙනස් වස්තු අතර ඇති ඒකාකාරී ක්‍රියාව ; සාදෘශ්‍ය කටයුත්ත.

සමකාල කම්පන රේඛාව

(පාරිභා.) නා. භූමි කම්පාවකට ලක්වන ස්ථාන යාකර අඳින රේඛාව.

සමකාල වර්තනය

නා. එක පිට එක වැටීම හෝ එක විට සිද්ධවීම ; සම්පාතය.

සමකාලකාරකත්වය

(පාරිභා.) නා. එක විට සිදුවෙන බව ; එක විට සිදුවීමට සලස්වන බව.

සමකාලාවර්ත

(පාරිභා.) වි. (බට්ටාගේ දෝලනය මෙන්) ක්‍රමික ආවර්ථිතාවෙන් යුත්.

සමකාලිකයා

නා. එක ම යුගයක ජීවත් වූ හෙවත් එකම කාලයක සිටි තැනැත්තා.

සමකාලීන

වි. එක ම කාලයට අයත්.

සමකාලීන ප්‍රවේගය

නා. සමකාලීන ව පවත්නා වේගය හෙවත් ජවය.

සමකේන්ද්‍රික

වි. සමාන කේන්ද්‍රීය වූ ; එක ම කේන්ද්‍රයෙන් යුත්.

සමඛණ්ඩකය

(පාරිභා.) නා. සතකුගේ ශරීරයේ දික් අක්ෂය දිගේ නැවත නැවත පිහිටි පූරක ; දෛහ පිණ්ඩය.

සමඛණ්ඩිත

වි. (සතකුගේ ශරීරයේ) දර්ශිත ලෙස සමාන වුව ද හරියට ම සමාන නොවන පිළිවෙළේ ඛණ්ඩ ගණනාවක් ඇති.

සමඛාරි

(පාරිභා.) වි. එකට ගැළපෙන ; සංගත ; සම්බන්ධකම් පවත්නා.

සමග වාසය

1. නා. එකමුතු ව විසීම ; සමගි ව එකා මෙන් වාසය කිරීම.
2. එකට විසීම ; සහ වාසය.

සමගතික

වි. සමාන ආකර්ෂණ ශක්තියක් පෙන්නුම් කරන.

සමගල

නා.ප්‍ර. කහ මිරිස් ගල ; ඇඹරුම් ගල.

සමග්‍ර

වි. සමගි වූ ; එකතු වූ.

සමග්‍රහය

නා. ගීත ගායනය හා තාල වාදනය යන දෙක ම එක විට ආරම්භ කිරීම.

සමගාමී

වි. එකට පවතින ; එක්ව ගමන් කරන.