සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1708
සමගාමී සමීකරණ
(පාරිභා.) නා.ප්‍ර. එකම මූලවලින් යුක්ත සමීකරණය.
සමගි
වි. අවිරුද්ධ ; එකමුතු.
සමගිය
නා. එකමුතුකම ; සුහදතාව ; සාමග්‍රිය.
සමගොත්
1. නා.ප්‍ර. සමාන ගෝත්‍ර ඇත්තා ; නෑයා.
2. සම වූ ගෝත්‍රය.
සමඝනත්ව රේඛාව
(පාරිභා.) නා. යම් ස්තරයක එක ම ඝනකම තිබෙන තැන් යා කරමින් සිතියමක ඇඳි රේඛාව.
සමඞ්ගි
වි. යුක්ත වූ ; සමන්නාගත.
සමඞ්ගිකාරකය
(පාරිභා.) නා. ජීව වස්තුවක් ඇති කරන්නා.
සමචතුරස්‍රය
නා. සම පාද ඍජු කෝණාස්‍රය.
සමච්චලය
1. නා. සරදම ; විහිළුව ; පහත් කොට සැලකීම.
2. සංසිඳීම.
සමච්ඡේද
නා.ප්‍ර. සමාන කොටස් දෙකකට බෙදීම.
සමචාරී
වි. එකට බැඳුණු ; සංගත.
නා.ප්‍ර. දැහැමි පැවතුම් ඇත්තා ; පාපයෙන් වෙන් ව හැසිරෙන තැනැත්තා.
සමචික්කණය
නා. ඖෂධ වර්ග දිය මිශ්‍ර කොට කැකෑරීමේ දී තෙල් හා කල්ක ඉල්පී පැසෙන පදම.
සමජ
නා.ප්‍ර. නැටුම් ; නෘත්‍ය ; නෘත්‍ය ගීත පැවැත්වීම.
සමජන්මාණුකතාව
(පාරිභා.) නා. සමයෝගය ; එක ම ප්‍රමාණයේ හා ස්වරූපයේ ජන්මාණු සංයෝජනය වීම.
සමජ්ජනිය
නා. අතුගාන උපකරණය ; මුස්න.
සමජා
වි. සමාන වූ ජාති ඇති ; එක ම ප්‍රභවයක් ඇති ; පොදු පෙළපතකින් යුක්ත.
සමජාතය
නා. සම ප්රභවය.
සමජාතීය
1. වි. හැම පාදයක ම එක ම ප්‍රමාණයෙන් හෙවත් එක ම මානවලින් පවතින.
2. පෙළපත පොදු නිසා සමාන වූ.
සමජීවිකතාව
නා. ආදායමට අනුව වියදම් කිරීම ; පමණ දැන වියදම් කිරීම.
සමට්
නා.ප්‍ර. කෝටුව ; සැමිටිය.
සමණ
1. නා.ප්‍ර. මහණ වූ තැනැත්තා ශ්රමණයන් වහන්සේ ; භික්ෂුව.
2. ස්වාමි පුරුෂයා ; වල්ලභයා.
සමණ කුත්තකයා
නා. ශ්‍රමණයකු ලෙස හඟවමින් හැසිරෙන්නා ; ශ්‍රමණ වේශධාරියා.
සමණකප්පිය
වි. භික්ෂූන්ට සුදුසු ; ශ්‍රමණයන්ට කැප වූ හෝ යෝග්‍ය වූ.
සමණභද්ර
නා.ප්‍ර. මහණකමේ ගුණ ; ශ්‍රමණ භාවයේ ගුණ.