සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1709

සමඬු

වි. සරුසාර ; සමෘද්ධ වූ.

සමත

1. වි. සමර්ථ ; දක්ෂ.
2. සමස්ත ; සියලු ; මුළු.
1. නා.ප්‍ර. සමථය ; සංසිඳීම ; සමාධිය.
2. සම්මතය ; නියමය.
3. කෝකිල පක්ෂියා ; කොවුලා.
4. හාමත ; බඩගින්න හා පිපාසය.
නි. හාත්පස ; සමීප.

සමතල

(සංගී.) නා.ප්‍ර. සම වූ තාලය.

සමතල ආදර්ශය

නා. මට්ටම් සහිත මතුපිටක් ඇති කැඩපත.

සමතලය

නා. වළගොඩැලි රහිත මට්ටම් වූ මතුපිටක් ඇති බිම ; සම බිම ; තැනිතලාව.

සමත්

වි. යමක් කිරීමට හැකියා ඇති ; යමක් කරනු හැකි ; සමර්ථ ; දක්ෂ.

සමත්ත්වය

1. නා. සමානකම ; සමභාවය.
2. සමනය ; සංසිඳීම.
3. කාව්‍ය රචනයෙහි දැක්වෙන කාව්‍ය ගුණයක්.

සමතා

1. නා.ප්‍ර. එකවර පැවැත්ම ; සමාන පැවැත්ම.
2. සමානාත්මතාව ; සාධාරණ බව.
3. සමභාරතාව ; සමභාරබව.
4. දක්ෂ පුද්ගලයා ; කාර්යක්ෂම තැනැත්තා.

සමතා බින්දුව

(පාරිභා.) නා. ශුන්‍යය ; ශුන්‍ය බින්දුව.

සමතාන පේශිය

(පාරිභා.) නා. බෙල්ලේ තිබෙන පළල් පේශිය.

සමතිත්තික

වි. සම ව පිරුණු ; මුවවිට දක්වා පිරුණු.

සමතිස්

නා.ප්‍ර. තිහේ සංඛ්‍යාව ; අඩු වැඩි නැති තිහ.

සමතිස්පැරුම්

නා.ප්‍ර. බෝසත්වරයකු විසින් සම්පූර්ණ කළ යුතු බුද්ධකාරක ධර්ම තිහ ; දස පාරමිතාවේ එක් එක් පාරමිතාව ; පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා . වසයෙන් තුන් ගුණයකට බෙදීමෙන් ලැබෙන පාරමිතා තිහ.

සමතීව්‍ර රේඛා

(පාරිභා.) නා.ප්‍ර. පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයේ සමාන ප්‍රබලතාවෙන් යුක්ත ලක්ෂ්‍යය ඔස්සේ ඇඳි රේඛා.

සමතුලාවාදය

(පාරිභා.) නා. පෘථිවි පෘෂ්ඨයෙහි පවතින බව කියනු ලබන සම තත්ත්වය.

සමතුලිත

වි. සමබර ඇති ; එක සමාන බලවේගවලින් යුක්ත ; ස්ථාවර.

සමතුලිත මිල

නා.ප්‍ර. ඉල්ලුම හා සැපයුම යන දෙක ම එක සමාන කරන මිල ; ඉල්ලුම හා සැපයුම ස්ථාවර ව පවත්නා මිල.

සමතුලිතතා නියතය

(පාරිභා.) නා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක සමීකරණයේ එක් පැත්තක පවතින අණුවල සක්‍රීය ස්කන්ධවල ගුණිතය අනෙක් පැත්තේ ගුණිතයට සමතුලිතතාවේදී දක්වන අනුපාතය.

සමතුලිතතාව

1. නා. ප්‍රතිවිරුද්ධ බල හෙවත් ආවරණ සමබර ව පැවතීම.
2. ඉල්ලුම හා සැපයුම එක සමාන වීම ; මිල වෙනස් නොවී සමබර තත්ත්වයක පැවතීම.

සමථ භාවනාව

නා. පංචනීවරණ ධර්ම සංසිඳවීම ලක්ෂණ කොට ඇති චිත්ත සමාධිය.

සමථය

1. නා. සමථ භාවනාව.
2. (පාරිභා.) දෙපක්ෂයක් අතර ඇති ආරවුලක් සංසිඳවීම.

සමදශාස්‍රය

(පාරිභා.) නා. සමපාද දහයක් ඇති රූපය ; දශ භුජය ; දශ කෝණය.

සමද්විපාද ත්‍රිකෝණය

නා. පාද දෙකක් පමණක් සමාන දිගැති ත්‍රිකෝණය.

සමදේශගුණය

(පාරිභා.) නා. ඒකාකාර දේශගුණය ; විශාල වෙනස්වීම් නැති දේශගුණය.