සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1740

සර්වශුභවාදය

නා. සෑම දෙයකම හොඳ පැත්ත පමණක් බැලීමේ සිරිත ; සියල්ල සිදුවන්නේ යහපතටය යන මතය.

සර්වසම රාශිය

(පාරිභා.) නා. කිසිසේත් වෙනස් නොවන පරිමාණය ; අංගසම රාශිය.

සර්වසම රූපය

(පාරිභා.) නා. වෙනස් නොවන සංකේතය.

සර්වස්ථාන

නා.ප්‍ර. සියලු තැන.

සර්වස්ඵාලි ඵුල්ලිත

වි. මුල සිට අග දක්වා හැම තන්හි මල් පිපුණු.

සර්වස්වය

නා. සියලු දේපළ ; සියලු සම්පත්.

සර්වසාධාරණ

වි. සියල්ලන්ට ම එක සමාන ; හැම දෙනාට ම පොදු වූ.

සර්වාංග

වි. සියලු අංග සම්බන්ධ ; මුළු සිරුරට අදාළ.

සර්වාංග නාඩිය

නා. අතේ මහපටඟිල්ල මුල පිහිටි මහ නහරය.

සර්වාංගසම

වි. සියලු අංගවලින් සමාන ; හැම අවයවයකින් ම සමාන.

සර්වාකාර

නා.ප්‍ර. සියලු ආකාරය ; හැම අයුර.

සර්වාත්ම

නා.ප්‍ර. සියලු ආත්මයන්.

සර්වාධිපත්‍යය

නා. මුළු බලය ; සම්පූර්ණ බලය.

සර්වාභිභූහනය

නා. සියල්ල මැඩ පැවැත්වීම ; හැම දෙනා අභිභවනය කිරීම.

සර්වාර්ථ සිද්ධිය

නා. සියලු අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම.

සර්වාශුභ වාදය

නා. හැම දෙයෙහි ම අශුභ පක්ෂය දක්නා මතය.

සර්වාස්තිවාදය

1. නා. සියලු දෑ සදා කල්හි පවතිතැයි යන විශ්වාසය දැරූ පුරාණ බෞද්ධ නිකායක්.
2. සියලුම වස්තුවලට එක සේ සත්‍ය වූ වාස්තවිකත්වයක් ආරෝපණය කරන අන්තගාමී සත්වාදයක නාමය.

සර්වේශ්වර

වි. සියල්ලට ම අධිපති වූ ; හැමට ම ප්‍රධාන වූ.

සර්වේශ්වර වාදය

නා. ලෝකයත් දෙවියන් වහන්සේත් එකම ය යන පිළිගැනීම ; සියල්ල දෙවියකු විසින් මවන ලදැයි යන මතය.

සරා

1. නා.ප්‍ර. ගුණ දහම්වලින් සාර වූ තැනැත්තා.
2. විල ; පියුම.
3. සරත් සෘතුව.
4. ස්ත්‍රිය.
5. භාජනය.
6. වර්ෂය.
7. ආයුධය.
වි. ප්‍රභාසහිත ; වර්ණවත්.

සරා මාරුව

නා. තාවකාලික භුක්ති ක්‍රමය ; තට්ටු මාරුව.

සරාගි

වි. රාග සහිත.

සරාගියා

නා. රාගිකයා ; රාග සහිත තැනැත්තා.

සරාව

1. නා.ප්‍ර. බුජම ; කට පළල වීදුරු බඳුන.
2. අවුරුද්ද ; වර්ෂය.
3. ආයුධය.