සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1739

සර්වත්‍රප්‍රාය

(පාරිභා.) වි. හැම තැන ම පාහේ පවත්නා.

සර්වත්‍රවර්ෂී

නා.ප්‍ර. හැම තැන්හි ම වසින වැස්ස මෙන් හැමදෙනාට ම දන් දෙන පුද්ගලයා.

සර්වත්‍රව්‍යාපී

වි. හැම තැන ම පැතුරුණු.

සර්වතෝභද්‍ර

වි. සෑම අතින් ම යහපත් වූ.

සර්වතෝභාගය

නා. හැම පැත්ත ; හාත්පස.

සර්වථා

ක්‍රි.වි. හැම අතින් ම ; සෑම ආකාරයෙන් ම.

සර්වදර්ශී

වි. සියලු ම දේ දකින; සියල්ල පෙනෙන.

සර්වදාභාවී

වි. හැම දා ම සිදු වන ස්වභාව ඇති.

සර්වදුඃඛ නෛර්යාණික

වි. සියලු දුක් නැති කරන.

සර්වධර්ම

නා.ප්‍ර. ලෝකයේ පවත්නා සංස්කෘත අසංස්කෘත සියලු ධර්මතා.

සර්වනාමය

නා. ලිංගත්‍රයෙහි වර නැගෙන සියල්ලන් හෝ සියලු වස්තු සඳහා යෙදිය හැකි පොදු නාමය.

සර්වප්‍රකාරයෙන්

ක්‍රි.වි. සියලු ආකාරයෙන් ; මුළුමනින්.

සර්වභෞම

වි. සියල්ලෙන් සම්පූර්ණ වූ ; ලෝකයේ සියලු කොටස්වලට අයත් ; මුළු මහ පොළොව හා සම්බන්ධ.

සර්වමය

වි. සියලු ම ; සියල්ලෙන් නිර්මිත වූ.

සර්වමෘත්තිකාමය

වි. මුළුමනින් ම මැටියෙන් කළ.

සර්වමේධය

නා. සියල්ලෙන් එක බැගින් පුදනු ලබන පැරණි භාරතීය යාග වෙසෙසක් ; අශ්ව මේධය, පුරුෂ මේධය, ගෝමේධය ආදී යෝග විශේෂ.

සර්වය

නා. සියල්ල ; මුළුල්ල.

සර්වරාත්‍රික

වි. මුළු රාත්‍රි කාලය ම පුරා පවතින.

සර්වරාම

(පාරිභා.) වි. වරින්වර හෝ කලින් කල හෝ පවත්නා.

සර්වලඝු

වි. සියල්ල සැහැල්ලු ; සියල්ල ලිහිල් වූ.

සර්වලෝක

නා.ප්‍ර. මුළු ලෝකය ; සමස්ත ලෝකය.

සර්වලෝක පූජ්‍ය

වි. සියලු ලෝ වැසියන් විසින් පිදිය යුතු වූ.

සර්වලෝකෛක දීපායමාන

වි. සියලු ලෝකවලට එක ම පහනක් බඳු වූ.

සර්වව්‍යාපී

වි. හැමතැන ව්‍යාප්ත වූ ; හැම තැන්හි පැතුරුණු.