සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1738
සර්ව පාක්ෂික
වි. හැම පක්ෂයකට අයත් වූ.
සර්ව පාෂණ්ඩික
වි. සියලු මිථ්‍යා ලබ්ධිකයන් සහිත ; සියලු අන්‍ය නිකායික තීර්ථකයන් සහිත.
සර්ව වල්ලභ
වි. සියල්ලන් කෙරෙහි ම ස්නේහවන්ත.
සර්ව විදග්ධ
වි. සියල්ල නිපුණ වූ ; සියල්ලෙහි දක්ෂ වූ.
සර්ව විදූ
වි. සියල්ල දන්නා වූ.
සර්ව ශූන්‍යවාදය
නා. සියල්ල ශූන්‍යය යන මතය ; උච්ඡේද වාදය.
සර්ව සංහාරය
නා. සියල්ල එක් රැස් කොට සාදන ලද දෙය.
සර්ව සජ්ජිත
වි. හැම අයුරින් ම සැරසුණු ; සියලු ආකාරයෙන් ම සූදානම් වූ.
සර්ව සත්‍යය
(පාරිභා.) නා. කිසිසේත් වෙනස් නොවන සත්‍යය.
සර්ව සම්පූර්ණ
වි. හැම අතින් ම පිරුණු ; සියල්ල සම්පූර්ණ වූ.
සර්ව සම්බන්ධය
නා. කිසිසේත් වෙනස් නොවන සම්බන්ධය.
සර්ව සමාන
(පාරිභා.) වි. වෙනස් නොවන සේ සමාන වූ.
සර්ව සාම්‍යය
නා. සියල්ල ම සම වීම ; අනන්‍යතාව ; සෑම ආකාරයකින් ම වෙනසක් නැති වීම.
සර්වකාය
නා.ප්‍ර. සියලු ශරීරය.
සර්වකාලික
වි. හැම කාලයට ම ගැළපෙන ; හැම කාලය තුළ පවතින.
සර්වකෝවිද
වි. සියල්ලෙහි ප්‍රවීණ වූ ; දක්ෂ වූ.
සර්වජන
නා.ප්‍ර. සියලු ජනයා ; රටක හෝ සියලු ලොව වැසි සැම දෙනා.
සර්වජන ඡන්ද බලය
නා. ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය අනුව රටක ව්‍යවස්ථාදායකයට සහ විධායකයට නියෝජිතයන් තෝරාපත් කර යැවීමේ දී ස්වකැමැත්ත ප්‍රකාශ කිරීමට මහජනතාවට ඇති අයිතිය.
සර්වඥ
වි. දත යුතු සියල්ල දත් ; ලෝකයෙහි යථාර්ථය අවබෝධ කරගත්.
නා.ප්‍ර. එසේ දත් මහෝත්තමයා වූ බුදුරජාණන් වහන්සේ.
සර්වඥ ශාසනය
නා. බුදුරජාණන් වහන්සේගේ සස්න ; බුදුසසුන.
සර්වත
නා.ප්‍ර. අහසේ පායතැයි සඳහන් අශුභ ඵල ගෙන දෙන කේතුවක්.
සර්වතන්ත්ර සිද්ධාන්ත
නා.ප්‍ර. සෑම ශාස්ත්‍රයක ම විවාද රහිත ව පිළිගත් මත.
සර්වත්‍ර
ක්‍රි.වි. හැම තන්හි ; සියලූ ස්ථානවල.
සර්වත්රගාමී
වි. සියලු තැනට පැමිණෙන.