සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1776
ස්වර්ගාපවර්ග
නා.බහු. දෙව්ලොව සහ නිවන ; සග පවග.
ස්වර්ගිකයා
නා. ස්වර්ගය හා සම්බන්ධ වූ තැනැත්තා ; සුරලෝ වැසියා.
ස්වර්ණ
1. නා.ප්‍ර. රත්රන් ; රන්.
2. රන්පාට ; රන් පැහැය.
3. කලං පහක බර ප්‍රමාණයක්.
4. ඇසළ.
5. හරන්කහ.
6. අත්තන ගස.
7. නාමල් රේණු.
ස්වර්ණ කන්දුක ක්‍රීඩාව
නා. පුරාණයේ උසස් කුලවල ස්ත්‍රීන් යෙදුණු රන්පන්දු ක්‍රීඩාව.
ස්වර්ණ කල්ක
නා.ප්‍ර. රන් කලල් ; උකු ලෙස දිය කරගත් රන් ආලේපය.
ස්වර්ණ කාලඵල
නා.ප්‍ර. රන් කැකිරි.
ස්වර්ණ කේතකී
නා.ප්‍ර. මැණික් ගල් විශේෂයක් ; ස්වර්ණ වෛරෝඩිය.
ස්වර්ණ ගිරි
නා.ප්‍ර. මහාමේරු පර්වතය ; මහමෙර.
ස්වර්ණ ද්‍රවය
නා. රන්දිය ; ස්වර්ණ ජලය.
ස්වර්ණ ද්‍රෝණිය
නා. රනින් කරන ලද ඔරුවක් වැනි පෙට්ටිය ; රන් දෙන.
ස්වර්ණ නිෂ්කය
නා. කලං විසිපහක් බර රන්වල අගය ඇති කාසිය.
ස්වර්ණ පට්ට
නා.ප්‍ර. රන්පටිය ; ගෞරව නම්බු නාමාදිය සඳහා රජුන් විසින් ප්රදානය කළ රන් පටියක්.
ස්වර්ණ පදර
නා.ප්‍ර. රත්රන් ලෑල්ල ; රන් පෝරුව.
ස්වර්ණ බීජය
නා. රන් පැළය ; රත්රන් අංකුරය.
ස්වර්ණ භස්ම
නා. රන් අළු ; රත්රන් පුළුස්සා ලබාගත් අළු.
ස්වර්ණ භිංකාරය
නා. රත්තරනින් කළ කොතලය ; රන් කෙණ්ඩිය.
ස්වර්ණ යුගය
නා. ලෝකයේ ඇති වූ යුග හතරින් එකක් වූ කෘත යුගය.
ස්වර්ණ වෛරෝඩිය
නා. අගනා ලංකා මැණික් වර්ගයක් ; කහපාට තෝරමල්ලිය.
ස්වර්ණ ශංඛය
නා. රන්වලින් සෑදු හක් ගෙඩිය ; රන් සක.
ස්වර්ණක ප්‍රතානය
නා. ඇස වටා ඇති සියුම් සිවිය.
ස්වර්ණකය
නා. කලං තුනක බර.
ස්වර්ණකාරයා
නා. රන්කම් කරන්නා ; ස්වර්ණකාර කුලයට අයත් තැනැත්තා.
ස්වර්ණඛචිත කර්ම
නා.ප්‍ර. රනින් කළ කැටයම් ; රන් කසු කම්.
ස්වර්ණතිලකා වස්තුව
නා. සද්ධර්මාලංකාරයෙහි එන ස්වර්ණතිලකාව පිළිබඳ කතා පුවත.