සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1777
ස්වර්ණදාය
නා.ප්‍ර. රත්රන් දානය ; රන්දීම.
ස්වර්ණදේශය
නා. බුරුම රට ; බුරුම දේශය.
ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය
නා. යම් ද්‍රව්‍යයක විදුලිය ඇති නැති බව නිශ්චය කිරීමත්, විදුලිය ආරෝපණය ධන හෝ සෘණ හෝ වන්නේ ද යන්න සොයා ගැනීමත්, ද්‍රව්‍ය දෙකක ඇති විදුලිය ප්‍රමාණය සන්සන්දනය කිරීමත් සඳහා භාවිත උපකරණයක්.
ස්වර්ණපත්රිකා
නා.ප්‍ර. සෙනෙහෙ කොළ.
ස්වර්ණභූමිය
නා. බුරුමය දේශය පුරාණයේ දී හැඳින්වුණු නාමය.
ස්වර්ණමය
1. වි. රනින් කළ ; රන්මුවා.
2. ඉතා උසස් ; අතිශයින් දියුණු.
ස්වර්ණමාලී
නා.ප්‍ර. දුටුගැමුණු මහරජු විසින් අනුරාධපුරයේ කරවන ලද මහා චෛත්‍යයේ නාමය ; රුවන්වැලි සෑය.
ස්වරාඝ්න
නා.ප්‍ර. ළදරුවන්ගේ උගුරේ සෑදෙන රෝගයක්.
ස්වරාජ්‍යය
නා. ස්වාධීන රාජ්‍යය ; ස්වදේශීය ජනතාව විසින්ම පවත්වනු ලබන රාජ්‍යය.
ස්වරාරූඪය
(ව්‍යාක.) නා. ගාත්රාක්ෂරයකට ස්වරයක් ආරූඪ කිරීම ; ගතකුරකට පණකුරක් පැමිණවීම.
ස්වරාලය
නා. කටහඬ ඉපදවීම සඳහා පෘෂ්ඨවංශීන්ගේ ශ්වාසනාලයේ උඩ කොටසේ පිහිටි අවයවය ; කටහඬෙහි උත්පත්ති ස්ථානය.
ස්වරාලයික
(පාරිභා.) වි. ස්වරාලය පිළිබඳ වූ ; ස්වරාලය හා සම්බන්ධ වූ.
ස්වරාලේක්ෂය
(පාරිභා.) නා. ස්වරාලය සෝදිසි කිරීමේ උපකරණයක්.
ස්වරූප රාගය
(පාරිභා.) නා. තමාගේ ශරීරය නිසා පහළ වන රාගය.
ස්වරූපය
1. නා. තමාගේ රූපය ; ස්වකීය ආකාරය.
2. ආකාරය ; විලාසය.
3. ස්වභාවය ; ඇතිසැටිය.
ස්වලක්ෂණ
නා.ප්‍ර. යමෙකුට හෝ යමකට විශේෂ වූ ස්වභාවය ; අනන්‍ය සාධාරණ ස්වරූපය ; ආවේණික ලක්ෂණය.
ස්වල්ප
වි. මඳ ; ටික ; අල්ප.
ස්වල්පය
නා. ටික ; සුළු ප්‍රමාණය.
ස්වවචන
නා.ප්‍ර. තමාගේ ම වචන.
ස්වවන්ධ්‍යතාව
(පාරිභා.) නා. ස්වසංසේචනය සිදු නොවන බව හෝ නිෂ්ඵල බව.
ස්වශක්තිය
නා. තමාගේ සවිය ; ස්වකීය බලය ; තමාගේ උත්සාහය.
ස්වසංචිත්ති
නා. ආත්ම සංවේදනය ; තමා ම ප්‍රකාශ වීම.
ස්වසංසේචනය
(පාරිභා.) නා. තමාගේ ම ශුක්රවලින් හෝ තම ශාකයේ හෝ මලෙහි පරාගවලින් ම සංසේචනය වීම.
ස්වසන්තක
වි. තමන් සතු ; තමන්ට අයත්.