සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 179
අවලෝලිත
වි. කලඹන ලද; කලතන ලද.
අවවාද ප්රාතිමෝක්ෂය
නා. බුදුරජාණන් වහන්සේ දෙසතියකට වරක් මුල් අවුරුදු විස්සෙහි පොහොය කිරීම් වශයෙන් වදාරන ලද අවවාද හෙවත් අනුශාසනා ගාථා.
අවවාදක්ෂම
වි. අවවාද ඉවසනසුලු.
අවවාදය
නා. දෝෂයක් දුටු කල දෙන උපදේශය; දැනුමැතිකම; කටයුතු නොකටයුතු දේ පෙන්නා දීම.
අවවාදානුශාසනා
[අවවාද + අනුශාසනා]
නා.ප්ර. දොස් දැක්වීම හා උපදේශය; දැනුමැතිකම; ගුරුහරුකම.
අවවිභාගය
නා. (ක්රිස්ති.) වැරදි කල්පනාව; දුර්මතය.
අවශ්ය
1. වි. වුවමනා; ඕනෑ කරන.
2. වි. ළඟ නෑකම් ඇති; ඇවැස්ස.
අවශ්යය
නා. උවමනාව; ඕනෑකම.
අවශ්යයා
1. නා. උවමනා කරන තැනැත්තා.
2. නා. කිට්ටු ඥාතියා; ළඟ නෑයා.
අවශිෂ්ටය
නා. ඉතිරි කොටස; ශේෂය.
අවශේෂ
වි. ඉතුරු; සෙසු; අනෙක්; අන්ය.
නා.ප්ර. ඉතුරු ව; සෙස්ස.
අවශෝෂණය
නා. උරා ගැනීම; බී ගැනීම.
අවස
නා. ආවාසය; කුටිය; ගෙය.
වි. වසඟ නොවන; යටත් නොවන; රිසි සේ නොපවත්නා.
අවසඟ
වි. වසඟ නොවන; යටත් නොවන.
අවසන්ධිය
නා. ඇටයක් පැන්නා වූ සන්ධිය; සන්ධි භඞ්ගය.
අවසරය
1. නා. අවස්ථාව; ප්රස්තාව.
2. නා. ඉඩ; අවකාශය.
3. නා. අනුමැතිය; කැමැත්ත; අනුදැනීම.
අවස්තරණය
නා. යටපත් කිරීම; මැඩ පැවැත්වීම.
අවස්ථාචෝචිත
වි. අවස්ථාවට සුදුසු; තැනටත් කාලයටත් ගැළපෙන.
අවස්ථානය
1. නා. සිටීම; පිහිටීම.
2. නා. තැන; වාසස්ථානය.
අවස්ථාන්තර
නා.ප්ර. අන්ය අවස්ථාව.
අවස්ථාපිත
වි. පිහිටුවන ලද; සංස්ථාපිත.
අවස්ථාව
1. නා. තත්ත්වය; ස්වභාවය.
2. නා. කාල සීමාව; අවධිය; වේලාව.
අවස්ථිත
වි. පිහිටි; අචල; ස්ථිර.
අවස්ථිතිය
1. නා. පැවැත්ම; ජීවත්වීම.
2. (පාරිභා.) නා. නිශ්චල ව තිබෙන වස්තුවක් චලිත නොවී සිටීමට හෝ චලිත වස්තුවක් එහි චලිත ක්රමය වෙනස් නොවන සේ රැක ගැනීමට හෝ තැත් කිරීම; සංඛ්යාත ලක්ෂණය (=inertia).