සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 178
අවල
1. නා.ප්ර. පැටලීම; අවුල්වීම.
2. නා.ප්ර. කලහය; දබරය.
3. නා.ප්ර. ජල යාත්රාවක් ගමන් කරවීම සඳහා අතින් මෙහෙයවන උපකරණය; ලොකු හබල.
4. නා.ප්ර. රති ක්රීඩාව.
1. වි. පැටලුණ; අවුල් වූ; ආකූල.
2. වි. ගැවසී ගත්; වැසීගිය.
අවල කෙළිය
නා. රති ක්රීඩාව; කාම සේවනය.
අවලංගු
වි. වලංගු නැති; නිෂ්ප්රභා කළ; ප්රතික්ෂේප කළ.
අවලංසය
නා. කඳු බෑවුමක් ඔස්සේ වේගයෙන් පහතට ඇද හැලෙන පස් සහ අයිස් මිශ්ර විශාල හිම කැට කදම්බය.
අවලක්ෂණ
නා.ප්ර. අශෝභන ලක්ෂණය.
වි. කැත; විරූපී; අශෝභන.
අවලම්බ
1. (පාරිභා.) වි. (පහතට) එල්ලෙන.
2. වි. තිරස් තලයට ඍජුකෝණාකාර ව ඇති.
අවලම්බ තලය
නා. තිරස් තලයට ලම්බාකාර ව පිහිටි තලය; සිරස් තලය.
අවලම්බන කේන්ද්රය
(පාරිභා.) නා. යම්කිසි වස්තුවක් එල්ලා තබන කේන්ද්රය (=centre of suspension).
අවලම්බන යෂ්ටිය
නා. සැරයටිය; හැරමිටිය.
අවලම්බනය
1. නා. එල්ලීම; එල්ලා තැබීම.
2. (අභි.) නා. සිත එල්බ සිටිනා වස්තුව; අරමුණ.
අවලම්බය
1. නා. එල්ලා තැබීම; එල්ලීම.
2. නා. පහසුවෙන් පැද්දීමට එල්ලනු ලබන වස්තුව.
3. නා. තිරස්තලයකට ඍජු කෝණාකාර ව පිහිටි රේඛාව.
අවලමා
නා. ගෙන් ගෙට යන්නා; රස්තියාදුකාරයා; සල්ලාලයා.
අවලස්සණ
වි. ලස්සන නැති; අවලක්ෂණ; විරූප; කැත.
අවල් ගානවා
ක්රි. අවල් භාවිතයෙන් ජල යාත්රාවක් ගමන් කරවනවා; අවල් ආධාරයෙන් පැද යනවා.
අවලාගය
නා. දෝෂය; වැරුද්ද; විපත.
අවලාදය
නා. දෝෂාරෝපණය; මැසිවිල්ල.
අවලිප්ත
වි. පිටත ආලේප කරන ලද; ගාන ලද.
අවලීඪ
වි. වටලන ලද; වෙළී ගිය; ආකූල වූ.
අවලීලාව
නා. අයහපත් විලාසය; අප්රිය දර්ශනය.
අවලේපනය
නා. ගෑම; තැවරීම; ආලේප කිරීම.
අවලේහනය
නා. ලෙවීම; ලෙවකෑම.
අවලෝකනය
1. නා. බැලීම; නැරඹීම.
2. නා. කියවීම; පඨනය කිරීම.
3. (පාරිභා.) නා. නිරීක්ෂණය (=observation).
අවලෝකිත
වි. බලන ලද; දකින ලද.
අවලෝකිතේශ්වර
නා.ප්ර. මහායාන බෞද්ධ සමයෙහි උසස් ලෙස සලකනු ලබන බෝධිසත්වවරයකුගේ නාමය.